-1.1 C
New York

වැලිගම දී පුද්ගලයකු බසයට යටවීම මිනීමැරුමක් ? පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

Published:

වැලිගම ප්‍රදේශයේ දී බස් රථයක ගැටීමෙන් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මෙම පුද්ගලයා මැයි මස 17 වැනි දින මියගොස් ඇත්තේ මහ මග වැටී සිටිය දී බසයකට යටවීමෙනි. එම සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ ඔහු මහ මඟ ඇද වැටෙන්නේ තවත් පුද්ගලයකුගේ පහරදීමකින් බවයි. එසේ ඔහුට පහර දෙන ආකාරය යතුරුපැදියකින් ගමන් කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු ද බලා සිටින ආකාරයත් පහරකෑමෙන් පසු එම පුද්ගලයා ඇද වැටුණු පසු පොලිස් නිලධාරීන් කිසිදු පියවරක් නොගෙන එම ස්ථානයෙන් ඉවත්ව යන ආකාරයත් සීසීටීවී කැමරාවල සටහන්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ අපරාධයක් වැළැක්වීමට පියවර නොගැනීම හා වින්දිතයාට උදව් නොකිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. මේ වනවිට ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Related articles

Recent articles

spot_img