-2.1 C
New York

රිච්මන්ඩ් ඉතිහාසය වෙනස් කළ ලේඛකයා දිවි ගමන නිමා කරයි

Published:

ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය පිළිබඳ Forgotten History of Richmond College නම් ආන්දෝලනාත්මක කෘතියක් රචනා කළ ආනන්ද ඩයස් ජයසිංහ අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඔහු මෙරට කතෝලික අධ්‍යාපනය හා ක‍තෝලික පල්ලි පිළිබඳ වසර ගණනාවක් අධ්‍යයනය කර ඇත්තෙකි. ඉතාමත් වටිනා පැරණි ලේඛන ඇසුරින් කරුණු රැසක් වත්මන් සමාජයට අනාවරණය කළ ඔහු ලියූ ඉහත කෘතිය මගින් රිච්මන්ඩ් විද්‍යාලය මෙරට ආරම්භ වූ පළමු පාසල බව සනාථ කිරීමට ඔහු උත්සාහ ගත්තේය. මෙය ඇතැම් පිරිසක් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දැඩි ආන්දෝලනයක් හටගෙන තිබිණි.

රිච්ම්න්ඩ් විද්‍යාලයේ ආරම්භක වර්ෂය ඔහු පවසන පරිදි 1814 ලෙස විද්‍යාලය විසින් ‍හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ නිල වශයෙන් පිළි නොගත්ත ද ආනන්ද ඩයස් ජයසිංහ ලියූ එම කෘතිය සම්මානයට පවා පාත්‍රවිය.

Related articles

Recent articles

spot_img