-2.1 C
New York

කොරෝනා මරණ 44ක් ඊයේ නිකුත් කරයි

Published:

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 44 දෙනකු පිළිබඳ විස්තර ඊයේ (21) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබිණි.

මෙය එක් දිනක් තුළ ප්‍රකාශයට පත්කළ ඉහළම මරණ සංඛ්‍යාව වෙයි. පසුගිය මැයි මස 02 වැනි දා සිට 20 වැනි දා දක්වා මියගිය පුද්ගලයන්ගේ විස්තර මෙම ලේඛනයට ඇතුළත් කර අතැයි දැක්වේ.

ඊයේ නිකුත් කළ මරණ සංඛ්‍යාවත් සමඟ මෙතෙක් කොරෝනා ආසාදිතව මියගය බවට රජය විසින් නිල වශයෙන් නිකුත් කරන ලද මරණ සංඛ්‍යාව 1,132ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ නිකුත් කර ඇති මරණ අතරින් 30 දෙනකු පිරිමි පුද්ගලයන් වන අතර 14 දෙනෙක් කාන්තාවෝය.

මියගිය පුද්ගලයින්ගෙන් 23 දෙනෙකු වයස අවුරුදු 71 ඉක්මවා ඇති අතර අවුරුදු 61 – 70ත් අතර වයස් වල පසුවන්නන් 11 දෙනෙකු ද , වයස අවුරුදු 51 – 60ත් අතර 7 දෙනෙක් ද එම පිරිස අතරට අයත් වෙති. වයස 31-40ත් අතර දෙදෙනකු ද වයස 21-30ත් අතර එක් අයකු ද මෙම ලේඛනයට ඇතුළත් වෙයි.

Related articles

Recent articles

spot_img