3.8 C
New York

කරාපිටියේ කොරෝනා මරණ පෙන්වාදෙන වසංගතයේ භියකරු බව

Published:

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අද (21) දිනයේ කොරෝනා මරණ 13ක් වාර්තා වී තිබිණි. ඉන් මරණ 03ක් නිවෙස්වල මියගිය පුද්ගලයන්ගේ වන අතර අනෙක් සියලු මරණ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිය දී කොරෝනා ආසාදිතව මියගිය අයයි.

ඉන් එක් අයකු බදුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඒ අනුව අද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වූ කොරෝනා මරණ අතරි ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයන්ගේ මරණ 12ක් තිබිණි.

මේ අනුව කොරෝනා ආරම්භවීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ලැබී තිබෙන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 116ක දක්වා ඉහළ යන බව අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මෙම මරණ අතරින් මරණ 87 ක් ම සිදුව ඇත්තේ ‍අප්‍රේල් 25 වැනි දා ට පසුව වීම විශේෂත්වයකි. ඒ අනුව මෙතෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ලැබුණු කොරෝනා මරණ අතරින් 75% ක්ම සිදුව ඇතතේ තුන්වැන රැල්ල ආරම්භයෙන් පසුවය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුවූ කොරෝනා මරණවලින් මේ දක්වා රජය විසින් නිල වශයෙන් නිකුත් කර ඇත්තේ 50කට ආසන්න ප්‍රමාණයක් පමණි.

Related articles

Recent articles

spot_img