-5.9 C
New York

කොරෝනා ආසාදිත මරණ 1,089 දක්වා ඉහළට

Published:

ශ්‍රී ලංකාව තුළ සිදුවූ කොරෝනා ආසාදිත මරණ අතරින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් තවත් මරණ 38ක් පිළිබඳ තොරතුරු නිකුත් කිරීමත් සමඟ මෙරට ප්‍රකාශයට පත්කළ මරණ සංඛ්‍යාව 1,089ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙයට අදාල නිවේදනය ස‍ෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටා දක්වමින් මාධ්‍යවෙත නිකුත් කර ඇති අතර මැයි මස 07 සිට 20 දක්වා සිදුවූ මරණ කිහිපයක් එහි සඳහන් කර තිබෙබ්.

මියගිය පුද්ගලයින් උඩුකිඳ, ලුණුගල, බලංගොඩ, කටුනායක, බාඳුරුගොඩ, කොච්චිකඩේ, මීගමුව, තලාතුඔය, බණ්ඩාරකොස්වත්ත, බොරැල්ල, පාදෙණිය, තෝරයාය, පොල්ගහවෙල, ගල්ගමුව, සියඹලාපේ, මතුගම, එතැනවත්ත, නාවලපිටිය, කුරුණෑගල, යටියන්තොට, බෙලිහුල්ඔය, නෑබඩ, කැකුණුගොල්ල, නිකවැරටිය, වරකාපොළ, අම්පිටිය, මාරස්සන, රජවේල්ල, උඩිස්පත්තුව හා හබරාදුව යන ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

Related articles

Recent articles

spot_img