-4.8 C
New York

නව නීතිපති රාජරත්නම්

Published:

මීළඟ නීතිපතිවරයා ලෙස වැඩ බලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් පත්කිරීමට පාර්ලිමේන්තු සභාව එකඟතාව පළකර ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම පත්කිරීමට කර තිබූ යෝජනාව ඊයේ (20) පාර්ලිමේන්තු සභාවේ දී සළකා බැලීමෙන් අනතුරුව ඒ සඳහා අනුමැතිය ලබා දී තිබේ.

පාර්ලිමේන්තු සභාවේ රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන අයගේ සහභාගීත්වයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධාන්තවයෙන් පැවැත්විණි.

නීතිපති දප්පුල ද ලිවේරා මැයි මස 24 වැනි දින විශ්‍රාම යාමෙන් අනතුරුව සංජේ රාජරත්නම් මෙරට නව නීතිපතිවරයා ලෙස රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇත.

Related articles

Recent articles

spot_img