-2.1 C
New York

“රට වසා දමන කතාව බොරුවක්” යැයි හමුදාපති කියයි

Published:

කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් දින 14ක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ලබන ජුනි මස 01 දා සිට දින 14ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රචාරයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේය. මෙම අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් කලින් දැනුම් දුන් පරිදි අද (21) රාත්‍රී 11.00 සිට ලබන 25 අඟහරුවාදා අළුයම 4.00 දක්වාත් එදිනම රාත්‍රී 11.00 සිට 28 වැනි දා අළුයම 4.00 දක්වාත් දිවයින පුරාම සංචරණ සීමා බල පැවැත්වෙන බව ද හෙතෙම කියා සිටියේය.

එම සංචරණ සීමා බලපැවැත්වෙන කාලයේ දී ප්‍රයෝජනයට ගැනීම සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ රැස්කරගන්නා ලෙස ද හමුදාපතිවරයා මීට පෙර දැනුම් දී තිබිණි.

Related articles

Recent articles

spot_img