-5.9 C
New York

සෞඛ්‍ය ක්ෂේත්‍රයට මාධ්‍ය තහනම් කරයි

Published:

සෞඛ්‍ය අංශයට සම්බන්ධ නිලධාරීන්ට පුද්ගලිකව හා කණ්ඩායම් වශයෙන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්.මුණසිංහ විසින් ඊයේ (19) සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරතිබේ.

සෞඛ්‍ය අමාතයාංශයේ, පළාත් සභා සේවයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේය කරන නිලධාරීන් විවිධ කණ්ඩායම් හා පුද්ගලිකව නිවැරදි නොවන තොරතුරු මත පදනම්ව සෞඛ්‍ය තොරතුරු හා දත්ත ඉදිරිපත් කරමින් සෞඛ්‍ය ප්‍රතිපත්ති විවේචනය කරමින් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සෞඛ්‍ය සේවාව විධිමත්ව පවත්වාග යාමට බාධාවක් බවත් එම ක්ෂේත්‍රය පිළිබඳ ජනතාවගේ විශ්වාසය අහිමිවන බවත් එම ලිපිය මගින් දන්වා තිබේ.

එමෙන්ම ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිවිධාන පවතින ආයතන සංග්‍රහය කෙරෙහිි ද අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය මුණසිංහ එමගින් සියලු නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමුකර තිබේ.

එම විධිවිධාන නොසළකා කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියලුම පුද්ගලයන්ට රෙහිව ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ද ලේකම්වරයාගේ නියෝගයේ දක්වා ඇත.

Related articles

Recent articles

spot_img