-4.8 C
New York

සවුත්ලන්ඩ්ස් වැඩ බලන විදුහල්පති නිරෝධායන රෙගුලාසි කඩමින් වැඩ භාර ගනී

Published:

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ බැලීම සඳහා පත්කර ඇති ශාන්ති සෙනෙවිරත්න අද (19) උදෑසන නිරෝධායන නීති උල්ලංඝනය කරමින් එම ධූරයේ වැඩ භාරගත්තාය.

කොරෝනා වසංගතය වේගයෙන් පැතිරයන බැවින් කවර ආකාරයේ හෝ උත්සව පැවැත්වීම තහනම් කරමින් චක්‍රලේඛයක් පවා නිකුත් කර තිබිය දී ඇය විදුහල්පතිධූරයේ වැඩි බැලීමේ කාර්යය ආරම්භ කළේ විදුහලේ සිසුවියන් කිහිප දෙනකු, ආචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක්, පාසල් සංවර්ධන සමිතියේ නියෝජිත පිරිසක්, පාසල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහ මාධ්‍යවේදීහු ද සහභාගී වී සිටියහ.

මෙම අවස්ථාවේ දී වැඩබලන විදුහල්පති ලෙස සිය රාජකාරී ආරම්භ කළ ශාන්ති සෙනෙවිරත්න කේක් කපා එය සැමරූ අතර පැමිණ සිටි පිරිස සඳහා සංග්‍රහයක් ද පැවැත්විණි.

පැමිණ සිටි සෑම අයකුම මුඛ ආවරණ පැළඳ සිටිය ද සමාජ දුරස්ථභාවය සෑම අවස්ථාවක දී ම තබා ගැනීමට ඔවුන් සමත්වී නැති බව උත්සවයේ ඡායාරූප ශාක්ෂි දරයි. කෙසේ වෙතත් රජයේ නියෝගය වන්නේ කිසිදු ආකාරයක රැස්වීම් හෝ උත්සව පැවැත්විය නොහැකි බවයි. විවාහ මංගල උත්සවයක් පවා උපරිම 15 දෙනකුට සීමා කර තිබිය දී 40ක පමණ පිරිසක් සහභාගී වූ මෙම උත්සවය නීති විරෝධීය.

මේ පිළිබඳ අප දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනියගේ මෙම වැඩ භාරගැනීම සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීමක් බවයි. කොරෝනා සම්බන්ධයෙන් පවත්වන රැස්වීම් පවා උපරිම පුද්ගලයන් 10 දෙනකුට සීමා කරන්න යැයි දැනුම් දී තිබිය දී මෙවැනි කාර්යයන් නීති විරෝධී බව ඔහු කියා සිටියේය.

ශාන්ති සෙනෙවිරත්න මීට ඉහත සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ස්ථිර විදුහල්පිතිනිය ලෙස සේවය කළාය. එම කාලයේ දී ඇයට එල්ලවූ චෝදනා හේතුවෙන් ඇය එම ධූරයෙන් ඉවත් කර පරීක්ෂණයක් ද පැවැත්විණි.

ඇය ධූරයෙන් ඉවත් කළ කාලයේ පවා ඇය කියා සිටියේ තමන් කවදා හෝ නිවැරදිකාරිය වී නැවත සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩභාරගන්නා බවයි. දැන් ‍අගේ අපේක්ෂාවන් සඵල වී තිබේ. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) ධූරයේ කටයුතු කරමින් ඇයට සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ බැලීමට අවස්ථාව ලැබී තිබේ.

මෙම පත්වීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයයකු කියා සිටියේ ඇගේ පත්වීම වැඩබැලීම සඳහා කරන ලද පත්කිරීමක් මිස ස්ථිර විදුහල්පති පත්කිරීමක් නොවන බවයි.

(ඡායාරූප – මාධ්‍යවේදී ලලිත් චාමින්ද ගේ faceboo profile එකෙනි)

Related articles

Recent articles

spot_img