-2.1 C
New York

මරණ 1,000 ඉක්මවයි ආසාදිතයන් 150,000 ආසන්නයට

Published:

කොරෝනා ආසාදනය වී මෙරට දී මියගිය පුද්ලයන් අතරින් රජය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ මරණ සංඛ්‍යාව 1,015 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (18) දිනයේ දී තවත් මරණ 34ක තොරතුරු වාර්තා කිරීමත් සමගිනි. දිනක් තුළ වාර්තා කළ වැඩිම මරණ සංඛ්‍යාව එයයි.

ඊයේ දිනයේ දී රජය විසින් කොරෝනා ආසාදිතයන් 2,518ක් වාර්තා කර ඇති අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 147,720 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතරින් සුවය ලබා ඇති ආසාදිතයන් සංඛ්‍යාව 121,145කි. මෙරටින් වාර්තාවන සක්‍රීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 25,560කි.

ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කළ කොරෝනා මරණ ‍පිළිබඳ ලේඛනය

Related articles

Recent articles

spot_img