-5.9 C
New York

ඉන්දියාවේ සිට කටුනායකට ගුවන් යානයක් ඇවිත්

Published:

ශ්‍රී ලාංකකයන් 19 දෙනකු ඇතුළු ගුවන් මගීන් පිරිසක් රැගත් ඉන්දීය ගුවන් යානයක් අද (19) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

මෙම යානයේ ශ්‍රී ලාංකිකයන්ට අමතරව ඉන්දීය ජාතිකයන් 16 දෙනකු ද සිටි බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරු සාරානාත් පීරිස් පවසයි.

ඔහු පවසන්නේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය මත ඉන්දීය රජය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස පැමිණීම සඳහා අවසර ලබාගෙන ඇති බවයි.

ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ කිසිදු රටකට ඉන්දීයාවේ සිට කිසිදු මගියකුට යාමට අවසර ලැබෙන්නේ නැත. කළමනාකරු පීරිස් පවසන්නේ අද පැමිණි ඉන්දීය ජාතිකයන් පිරිස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් බවයි.

ඉන්දියාවෙන් පැමණි ඒඅයි 273 දරණ එම යානය අද අලුයම 2.15ට යළි මගීන් 169 දෙනකු රැගෙන ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. එලෙස පිටත්ව ගිය පිරිස අතර ඉන්දීය ජාතිකයන් සහ ශ්‍රී ලාංකිකයන් සිටි බව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img