-4.8 C
New York

කිසිදිනක ජලයෙන් යටනොවූ කැටන්දොළ යටවුණේ ඇයි ?

Published:

කිසිම ගංවතුරකට මෙතෙක් යට නොවූ කැටැන්දොළ ප්‍රදේශය පසුගිය දිනවල ඇතිවූ වර්ෂාවත් සමඟින් ජලයෙන් යටවූ බවට ගැමියෝ චෝදනා කරති.

ඔවුන් පවසන්නේ ඇල්පිටිය පිටිගල මාර්ගය පවා කැටන්දොළ ප්‍රදේශයේ ජලයෙන් යටවූ බවයි. මීට හේතුවී ඇත්තේ ඇතැම් පුද්ගලයන් විසින් අවට කුඹුරුයායවල් අනවසරයෙන් ගොඩකිරීම, ඇළ මාර්ග හරහා කුඩා පාලම් සකසා ප්‍රවේශ මාර්ග ඉදිකිරිම හා කුඹූරුවල පොල් හා කුරුඳුවැනි බහු වාර්ෂික බෝග වගාකිරීම බව ගැමියෝ පවසති.

මෙම ගම්මානයේ පිහිටා ඇති ශ්‍රී බෝධිරාජරාම විහාරස්ථානය අවට ප්‍රදේශය මුළුමණින්ම ජලයෙන් යටවී තිබූ අතර ඒ ආසන්නයෙන් ගලා යන ඇළ මාර්ගයක් හරහා ප්‍රධාන මාර්ගයේ ඇති පාලමට ඉහළින් පවා ජලය ගලා ගිය බවත් අවට පදිංචිකරුවෝ කීහ. ඔවුන් පවසන්නේ මෙවැනි සිදුවීමක් තමන් දන්නා ඉතිහාසයේ නොවූ බවයි.

මේ පිළිබඳ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් විමසූ විට කිසිම කුඹුරක පොල් සහ කුරුඳුවැනි බහු වාර්ෂික බෝග වැවීමට අවසර නොදෙන බවත් එවැනි වගාවන් කර ඇත්නම් එය නීතිවිරෝධී බවත් පැවසීය.

මෙවැනි නීතිවිරෝධී ගොඩකිරීම් හේතුවෙන් වැසි ජලය නිසි පරිදි බැස නොයාමෙන් ගම් වැසියන් පීඩාවට පත්වුව ද ඒ පිළිබඳ සොයා බල වැරදි නිවැරදි කිරීමට කිසිදු බලධාරියකු උනන්දු නොවීම ගැටලුවකි.

Related articles

Recent articles

spot_img