spot_img

වරාය නගර පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

පුවත්

විදෙස්

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ අනුව එය සම්මත කිරීමටනම් විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව් ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම් දී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් එම තීරණය අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිටු 65කින් සමන්විතව ලබාදුන් එම තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පනත් කෙටුම්පතේ නියාමන ව්‍යුහය අපහැදිලි බවයි. එම කොමිෂන් සභාවට අත්තනෝමතික බලයක් ලැබෙන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(01) වගන්තිය හා අනනුකූල බව ද දන්වා තිබේ.

එම වගන්ති සංශෝධනය කළ හැකි  ආකාරය ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 15ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබු අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දී ඒවා සළකා බැලිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles