-5.9 C
New York

රෝහලක් තාවකාලිකව වසා දමයි. වෛද්‍යවරුන්ට හෙදියන්ට කොරෝනා

Published:

මාරවිල මූලික රෝහල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. එම රෝහලේ කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති අතර අද (17) දහවල් වනවිට වෛද්‍යවරු 14 දෙනකු සහ හෙදි කාර්ය මණ්ඩලයේ 17 දෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබිණි.

පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු අද උදෑසන කියා සිටියේ මෙම රෝහලේ දැඩි සත්කාර ඒකකය, හදිසි අනතුරු වාට්ටු 02ක් සහ ගැබිනියන් සඳහා වෙන්කළ වාට්ටු දෙකක් වසා දමා ඇති බවයි.

මෙම ආසාදිතයන් අතරින් පළමු වරට හඳුනාගන්නා ලද්ද් දැඩි සත්කාර ඒකකයේ හෙදියන් දෙදෙනෙකි. ඉන් අතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකර ඇත.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මේ වනවිට රෝහල ම තාවකාලිකව වසා දමා ආසාදිතයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමුකර රෝහල් පරිශ්‍රය විෂබීජහරණයට කටයුතු කරමින් සිටින බවයි.

Related articles

Recent articles

spot_img