-2.1 C
New York

මියගිය බිරිඳට කොරෝනා බවට තහවුරු වී පැය කිහිපයකින් සැමියාත් මියයයි

Published:

මියගිය බිරිද කොරෝනා ආසාදිත බවට වාර්තාව ලැබී පැය කිහිපයකට පසු සැමියා ද මියයාමේ සිද්ධියක් බගවන්තලාව සිරිපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.

පසුගිය 13 වැනි දා රෝගී වූ 68 හැවිරිදි කාන්තාවක් බගවන්තලාව ‍ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය එදිනම මියගියාය. ඇගේ මළ සිරුරින් ලබාගත් ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණයට ලක්කිරීමෙන් පසු ඊයේ (16) එහි ප්‍රතිඵල ලැබී අතර ඉන් තහවුරු වූයේ මියයනවිට ඇය කොරෝනා ආසාදිතව සිටි බවයි.

මේ වාර්තාව ලැබී පැය කිහිපයකට පසු ඒ වනවිට නිවසේ සිටි ඇගේ සැමියා ද මියගොස් තිබේ. මියයනවිට ඔහු 76 හැවිරිදි වියේ පසුවූයේය.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ජේ.ගනේෂ් පවසන්නේ මෙම දෙදෙනාගේ මෘත දේහ දික්ඔය මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි. සැමියගේ දේහයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයේ වාර්තා මෙතෙක් ලැබී නැත.

ඔවුන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන් 06 දෙනෙක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර සිටිති.

Related articles

Recent articles

spot_img