පුද්ගලික අංශයේ සේවය කරන ගැබිනියන්ට ද කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කාර්යාල හෝ වැඩබිම්වලට නොකැඳවන ලෙස ස්වේච්ඡා සංවිධාන රැසක් ඉල්ලීම් කර ඇත.
මාස 07කට වැඩි කලලයක් දරා සිටින මව්වරුන්ට කොරෝනා ආසාදනය වුවහොත් ඉතාමත් භයානක ප්‍රතිඵල අත්විය හැකි බවට විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දී ඇති බැවින් රජයේ කාර්යාලවල සේවය කරන ගැබිනියන් සේවයට නොකැඳවීමට රජය තීරණය කර තිබේ. එය පුද්ගලික අංශයේ ද ක්‍රියාත්මක කරන්නේ නම් ඉතාමත් වටිනා බව එම ඉල්ලීමේ දැක්වේ.
ඔවුන් පවසන්න් ගැබිනි කාන්තාවන් ගැන පුද්ගලික අංශයේ අවධානය නිසි පරිදි මෙතෙක් යොමු වී නැති බවයි. ඇතැම් ආයතන ගැබිනි කාන්තාවන්ගේ වැටුප් හා දීමනා කපා හැර ඔවුන්ගේ සේවය නැවැත්වීමට පවා මේ අවස්ථාවේ පියවර ගෙන ඇතැයි එම සංවිධානය අවධාරණය කරයි. රැකියාව සඳහා නේවාසිකව සිටින ඇතැම් ස්ථානවල දී සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට නොහැකි වීම ඔවුන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවකි.
මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ රෙඩ් සංවිධානය, ඩාබිඳු සාමූහිකය, ශ්‍රමාභිමානී කේන්ද්‍රය, සවිස්ත්‍රී ජාතික කාන්තා ව්‍යාපාරය, සමාජ සාධාරණත්වය උදෙසා කාන්තා ක්‍රියාකාරීත්වය, ජන කලන සමාජ අසපුව යන සංවිධාන විසිනි.