9.2 C
New York

අඟහරුවාදා සිට සංචරණ සීමා වෙනසක්. කාලය දීර්ඝ කරයි

Published:

දැනට පනවා ඇති සංචරණය සීමා හෙට (17) අළුයම 4.00ට ඉවත් කළ ද අඟහරුවාදා අළුයම සිට සංචරණ සීමා ඉවත් කරන්නේ අළුයම 5.00ට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

හෙට අළුයම 4.00 ට සංචරණ සීමා ඉවත්කළ විට රැකියා සඳහා පිටත්ව යන අයට හැඳුනුම්පත් ක්‍රමවේදයකින් තොරව නිවසින් පිටව යාමට අවස්ථාව හිමිවේ. නමුත් වෙනත් අත්‍යාවශ්‍ය කරුණකට නිවසින් බැහැරව යන්නේ නම් හෙට දිනියේ පිටව යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ 1,3,5,7,9 යන අංක අවසාන අංකය ලෙස ඇති අයට පමණි.

ඉන් පසු හෙට (17) රාත්‍රී 11.00ට පනවනු ලබන සංචරණ සීමා අඟහරුවාදා 5.00 දක්වා ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related articles

Recent articles

spot_img