-5.9 C
New York

සංචාරකයන්ට මෙරට සංචාරයට අවස්ථාව

Published:

මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින විදේශීය සංචාරකයන් හට සංචාරක බුබුළු ක්‍රමය යටතේ සංචාරයේ යෙදීමේ හැකියාව ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ පවසන්නේ ඒ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුම්වත් කර ඇති බවයි.

ඒ අනුව සංචාරක බුබුළු ක්‍රමය යටතේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංචාරකයන් රැගෙන යාමට කටයුතු කළ හැකි බව ඊට අදාල සියලු ආයතන වෙත දැනුම් දී තිබෙන බව ද ඇය පවසයි. නමුත් එසේ කටයුතු නොකරන යම් ආයතනයක් හෝ පුද්ගලයන් සිටීනම් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගග ගන්නා බව ද ඇය කියා සිටියාය.

Related articles

Recent articles

spot_img