ගාල්ල අක්මීමණ කුරුඳුවත්තේ පිහිටි ගුරු විද්‍යාපීඨයේ පිහිටුවා ඇති කොරෝනා අතරමැදි මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂා නොකරන බවත් මේ හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ගේ ජීවිත අවධානමක් පවා පවතින බවත් එහි නේවාසිකව සිටින කොරෝනා ආසාදිත පුද්ගලයෝ කියති.
ඇතැම් පුද්ගලයන් මේ වනවිට විවිධ සම්බන්ධතා උපයෝගී කරගනිමින් එම ස්ථානයෙන් ඉවත්ව පුද්ගලික රෝහල්වලින් පවත්වාගෙන යන අතරමැදි මධ්‍යස්ථානවලට මුදල් ගෙවා ගොස් ඇත.
අප කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ කුරුඳුවත්ත විද්‍යා පීඨයේ ස්ථාපිත කර ඇති මෙම කොරෝනා අතරමැදි මධ්‍යස්ථානයේ ආසාදිත වූ 300කට ආසන්න පිරිසක් මේ වනවිට සිටින බවයි. රෝග ලක්ෂණ නොමැති හෝ රෝග ලක්ෂණ අඩුවෙන් පෙන්වන පුද්ගලයන් මෙවැනි අතරමැදි මධ්‍යස්ථාන වෙත යොමුකරන බව සෞඛ්‍ය අංශ පැවසුව ද මෙම ස්ථානයේ දී පසුගිය දිනක එක් පුද්ගලයකු මියගියේය.
එහිි නේවාසිකව සිටින ආසාදිතයන් පවසන්නේ මේ පුද්ගලයා මියගියේ කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් නොලැබීමෙන් බවයි. එහි නේවාසිකාගාරවල එක් කාමරයක ආසාදිතයන් දෙදෙනකු බැගින් සිටිති. මෙලෙස මියගිය පිරිමි පුද්ගලයා හදිසියේ ම ශ්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් කාමරයේ සිටි අනෙක් පුද්ගලයා ඒ බව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දැනුම් දුන්න ද කිසිවෙකුත් පැමිණ නැත. අවසානයේ ඔහු විඳින වේදනාව ඉවසාගත නොහැකි වූ අනෙක් ආසාදිතයෝ ඔහු රැගෙන ආසාදිතයන්ගේ රුධිර පීඩනය, රුධිරගත සීනි තත්ත්ය, ඔක්සිජන් ප්‍රමාණය මනිනු ලබන ඒකකය වෙත රැගෙන ගිය ද මේ මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරු කිසිවෙකුත් මේ රෝගියා බැලීමට පැමිණ නැත.
මේ පිළිබඳ විස්තර කරන නේවාසිකව සිටින ආසාදිත වූ අයකු අප සමඟ මෙසේ කීවේය.
“මේ මධ්‍යස්ථානයේ වෛද්‍යවරු දෙන්නෙක් ඉන්නවා. ඒ අය අපිව දැකලවත් නෑ, ඇත්තටම හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අපිට උදව් කරනවා. රුධිරයේ සීනි, රුධිර පීඩනය විතරක් නෙවෙයි ඔක්සිජන් ප්‍රමාණයත් මැන ගන්නේ අපි විසින්මයි. වෛද්‍යවරු හිටියාට කිසිම වැඩක් නැහැ. අපි දන්නවා එයාලා ඉන්නේ ෆෝන් එකේ. මේ මැරුණු පුද්ගලයා ඉතාමත් නිරෝගීව සිටියා. නමුත් හදිසියේම අසනීප වුණා. ඒ මොහොතේම වෛද්‍යවරුන්ට හෙදියන්ට දැනුම් දුන්නා මෙයාට අමාරුයි කියලා. විනාඩි 15ක් විතර යනකම් කිසිම කෙනෙක් ආවේ නෑ, බලාගෙන ඉන්න බැරි තැන අපිම මෙයාව උස්සගෙන අර පරීක්ෂණ කරන ස්ථානයට අරගෙන ගියා. එතනටවත් වෛද්‍යවරු ආවේ නැහැ. අපේම අය තමයි ඔක්සිජන් මට්ටම බැලුවේ. ශ්වසන ආධාරක හයිකරන්නවත් කෙනෙක් හිටියේ නෑ. අන්තිමේ දී අපි කෑ ගහනවිට හෙදියක් දුවගෙන ආවා. ඒ හෙදියන් අසරණයි. වෛද්‍යවරු කිසිම දෙයක් කරන්නේ නැහැ. එයා ඇවිත් කිව්වා ඒ පුද්ගලයා මැරිලා කියලා.”
මෙම ස්ථානයේ නේවාසිකව සිටි තවත් පුද්ගලයකු මෙසේ කීවේය.
“වෛද්‍යවරු ඉන්නවා. ඒ අය අපිත් එක්කෙ ලාකු සම්බන්ධයක් නෑ. දවසක් මට අපහසුතාවක් ඇවිත් කිව්වට පස්සේ නම් එයාලා ඉන්න පොලිතීන් ආවරණයෙන් පිටතට ඇවිත් පරික්ෂා කළලා. එදා මැරුණු පුද්ලයා පහළ ශාලාවට අරගෙන යනවිට වෛද්‍යවරු ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන හිටියේ නැහැ. ඒ ඇඳුම් අදින්න වෙලාවක් ගත වෙනවා. ඉතින් ඒවා අරගෙන ඇවිත් ඔක්සිජන් දෙන්න හදනවිට ඒ ඔක්සිජන් ටැංකිය ඉවර වෙලා. තව එක්ක ගේන්නත් ටික වෙලාවක් ගියා. දෙවැනි එක ගෙනවිත් උත්සාහ ගත්තත් ඒ පුද්ගලයා මිය ගිහින්. මෙතැන ප්‍රමාදයක් සිදුවුණා. නමුත් මම විශ්වාස කරනවා වෛද්‍යවරුන් පිටම වරද පටවන්න බැහැ කියලා. ඒ අයත් ආරක්ෂා වෙන්න ඕනේ. ඒ අය අපි අතරට ඇවිත් වැඩ කරන්න බැහැ. අපි රෝගීන් ඒ අයටත් බෝ වෙන්න පුලුවන්.”
ආසාදිත වූවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිතන්නේ සෞඛ්‍ය අංශවලින් ආසාදිත වූ අය අතරමැදි මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය පසු ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත වනබවයි. නමුත් සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් බව අක්මීමණ සිද්ධියෙන් පැහැදිලි වෙයි. ඔවුන්ට වෛද්‍යවරුන්ගේ රැකවරණයක් ලැබෙන්නේ නැත.
මේ සම්බන්ධයෙන් හෙද වෘත්තීය සමිති නියෝජිතයකු ද අපහට කරුණු දක්වමින් කියා සිටියේ අක්මීමණ කුරුඳුවත්තේ වෛද්‍යවරු දෙදෙනකු සිටින බවයි. ඔවුන් සියලු කාර්යයන් හෙදියන් පිට පවරා රෝගීන් පරීක්ෂා කිරීමෙන් වැළකී සිටින බවයි. එමෙන්ම මෙම මධ්‍යස්ථාන සියල්ල ක්‍රියාත්මක වන්නේ එක්තරා වෛද්‍ය වෘත්තීය සමිතියක වුමනාවට බවත් ත්‍රස්තවාදී සංවිධානයක් මෙන් ක්‍රියාත්මකවන මෙම වෛද්‍ය වෘත්තීය සමිතිය ගන්නා සියලු වැරදි තීරණ ක්‍රියාත්මක කිරීමට තරම් රටේ සැළසුම් සකස්කරන්නන් ද බංකොලොත් වී සිටින බව හෙතෙම කීවේය. මේ සම්බන්ධයෙන් හෙද වෘත්තීය සමිති ඇතුළු සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති ගණනාවක් සාකච්ඡා කර තීරණයක් ගැනීමට කටයුතු කරමින් සිටින බව ද හෙතෙම පැවසුවේය.