අධිකරණ ඇමති ලැනරෝල්ගෙන් වන්දි ඉල්ලයි. “ඇත්ත කිව්වේ. නඩු දාන්න” ලැනරෝල් කියයි

පුවත්

විදෙස්

තමන් එරෙහිව අසත්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ගාල්ලේ බද්දේගම පදිංචි ආනන්ද ලැ‍නරෝල්ගේන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවූ බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ ආනන්ද ලැනරෝල් විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම අසත්‍ය ප්‍රකශය සිදුකර ඇති බවයි. මේ හේතුවෙන් තමන්ට රුපියල් බිලියනයක වන්දියක් දින 14ක් ඇතුළත නොගෙවන්නේ නම් ඔහුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරවන බව ද අධිකරණ ඇමතිවරයා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මෙම පුද්ගලයා කිසිම හේතුවක් නැතිව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මම මහාධිකරණ විනිසරුරුවරයකුට යම් පුද්ගලකු සම්බන්ධයෙන් ලිපියක් යැව්වා කියා ප්‍රකාශයක් කළා. මම කවදාවත් විනිසුරුවරුන්ට මා ඉදිරිපත්වන නඩු සම්බන්ධයෙන්වත් කතා කරලා නැහැ මෙය සම්පූර්ණයෙන් ම බොරු ප්‍රකාශයක් ඒ නිසා එන්තරවාසියක් යැව්වා. ඔහු එම වන්දිය ගෙවන්නේ නැත්නම් මම නඩු පවරන්න බලාපොරොත්තු වෙනවා.”

මේ පිළිබඳ අපි ආනන්ද ලැනරෝල්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ අධිකරණ අමාත්‍යවරයා පවසන ආකාරයේ එන්තරවාසියක් තමන්ට මෙතෙක් ලැබී නැති බවයි. අවශ්‍යනම් තමන් පැමිණ මේ එන්තරවාසිය භාර ගැනීමට හැකි බව ද ආනන්ද ලැනරෝල් පවසයි.

“මම කිව්වේ ඇත්ත. බලපිටිය මහාධිකරණනයේ නඩුවක් විභාග වන අවස්ථාවක දී වූ සිදුවීමක් තමයි මම එදා ප්‍රකාශ කළේ. මෙය මට සනාථ කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඔය ඉල්ලන වන්දි දෙන්නේ නැහැ. නඩු දාන්න කියනවා. ඊට පස්සේ අධිකරණයට ගියාම මා කීවේ ඇත්ත කියලා සනාථ කරලා පෙන්වන්නම්.” යැයි ආනන්ද ලැනරෝල් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles