-2.1 C
New York

ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකම ගත්තත් කොරෝන නිසා මියගිය මහාචාර්යවරයා

Published:

ඇමෙරිකාවේ රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛදය රාජේන්ද්‍ර කපිල (81) ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටිය දී කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඇමෙරිකාවේ වාසය කළ මහාචාර්ය ‍රාජේන්ද්‍ර සිය බිරිඳ විශේෂඥ දීප්ති සක්සේනා සමඟ ඉන්දියාවට පැමිණ ගාසියාබද් හි නැවතී සිටි බව එම පුවතේ දැක්වේය. ඔවුන් නැවත ඇමෙරිකාවට යාම ප්‍රමාද වී ඇත්තේ මහාචාර්ය රාජේන්ද්‍ර අසනීපවීම හේතුවෙනි.

රෝහල්ගත කෙරුණු මහාචාර්ය වරයා පසුගිය අප්‍රේල් 08 වැනි දින මිය‍ගොස් ඇති අතර ඔහුගේ මරණය සිදුව ඇත්තේ කොරෝනා ආසාදනයෙනි.

ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීප්ති සක්සේනා පවසන්නේ ඇමෙරිකාවේ නිව් ජර්සි හි කොරෝනා සම්බන්ධ විද්‍යාගාරයක සේවය කරමින් සිටි තමන් නිවසේ ආරක්ෂිත පරිසරයක් තහවුරු කරගත් බවයි. මේ අතරතුර සති දෙකක සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි බවත් තම සැමියාට ඇමෙරිකාවේ දී ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ලබාදුන් බවත් ඇය පවසා තිබේ.

එච්.අයි.වී. ඒඩ්ස් ඇතුළු බෝවන රෝග සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදුකර ඇති මහාචාර්ය රාජේන්ද්‍ර වසර 50කට වැඩි කාලයක් ලෝකය පුරා පර්යේෂකයන් අති විශාල ප්‍රමාණයකට ඉගැන්වීම් සහ මාර්ගෝපදේශ සැපයූ විද්වතෙකි.

https://www.hindustantimes.com/india-news/renowned-infectious-diseases-expert-dr-rajendra-kapila-81-dies-of-covid19-101620168008338.html

වීඩියෝවක් – blob:https://abc30.com/590d43dc-44a5-4cff-821b-c73cd0baf7f0

Related articles

Recent articles

spot_img