-1.1 C
New York

ගාල්ලේ මාගාල්ලේ කම්හළක පළමු ආශ්‍රිතයන් සේවයට කැඳවන බවට චෝදනා

Published:

මාගාල්ලේ පිහිටි තම කර්මාතශාලාවේ කොරෝනා ආසාදිතයන් රැසක් හමු වී සිටිය දී ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ද ‍සේවයට කැඳවන බව හේලීස් සමාගමේ සේවකයෝ චෝදනා කරති.

සේවකයන් පවසන්නේ දැනට එම සමාගමේ ආසාදිතයන් 22ක් වාර්තා වී ඇති බවයි. මෙලෙස ආසාදිතයන් වාර්තා වී සිටිය දී පවා ව්‍යාපාරික බලවතුන් ගාල්ල දිස්ත්‍රික් වසංගත ‍රෝග විද්‍යා ඒකකයේ පිරිසක් සමඟ එක්ව එම තොරතුරු සඟවා ආශ්‍රිත වූ සේවක සේවිකාවන් පවා සේවයට කැඳවන බව ඔවුන්ගෙන් නැගෙන චෝදනාවකි.

ඊයේ (14) දිනයේ දී ද හේලීස් සමාගමේ කාර්යාල සේවිකාවක සඳහා ගාල්ල ආසිරි රෝහලේ පීසීආර් පරීක්ෂණයක් සිදුකර සේවයට කැඳවා තිබිණි.

නිරෝධායන නීතිය අනුව යම් අයකු පළමු පෙළ ආශ්‍රිතයකු වන්නේ නම් නිරෝධානය සඳහා යොමුවිය යුතු අතර පීසීආර් පරීක්ෂණයක් පැවැත්වූයේ නම් එම ප්‍රතිඵල පැමිණෙන තුරු නිවසේ නිරෝධායනය වීම අත්‍යාවශ්‍ය දෙයකි. එම පීසීආර් පරීක්ෂණය පැවැත්වීමට හේතුව පළමු පෙළ ආශ්‍රිතයකු වීම නම් පළමු පීසීආර් පරීක්ෂණය සෘණාත්මක ප්‍රතිඵලයක් පෙන්නුව ද දින 14ක් නිරෝධායන කාලයක් සම්පූර්ණ කළ යුතුය.

සේවකයන් පවසන්නේ මෙම නිරෝධායන නීති තම ආයතනය විසින් අමු අමුවේ උල්ලංඝනය කරන බවයි.

මේ පිළිබඳ අපි හේලීස් සමාගමේ මානව සම්පත් කළමනාකරු ශාන්ත කුමාරගෙන් විමසූ විට හෙතෙම ‍මෙසේ කීවේය.

“අපේ කර්මාන්තශාලා දෙකේම ආසාදනය වෙලා තිබෙන්නේ 12 දෙනෙක් විතරයි. 22ක් කියන එක වැරදියි. ඔවුන්ගේ ආශ්‍රිතයන් සියළු දෙනාම නිරෝධායනයට යොමු කර තිබෙනවා. කාර්යාලයට කැ‍ඳෙව්ව කෙනාට පීසීආර් පරීක්ෂණයක් කරලා ඒක නෙගටිව් වුණා. ඒ නිසයි වැඩට ආවේ. අපි සියලු දේට පෙර බලන්නේ සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව. ඒ නිසා වරදක් සිදුවෙලා නැහැ. විධාය ශ්‍රේණියේ කිහිප දෙනෙකුට එන්නත් කර තිබෙන නිසා ඒ අය සේවය කරනවා.”

එම ආයතනයේ විධායක ශ්‍රේණියේ කිහිප දෙනකුට එන්නත් කර ඇත්තේ රජයෙන් එන්නත් කරන ලද ඇස්ට්‍රාසෙනිකා එන්නතයි. සෞඛ්‍ය හා රජයේ අත්‍යාවශ්‍ය සේවා සඳහා පවා එම එන්නත නොලැබුණු තත්ත්වයක් තුළ පුද්ගලික සමාගම්වල විධයාක ශ්‍රේණියේ නිලධාරීන්ට එන්නත් ලැබුණේ හොර පාරෙනි. ගාල්ලේ එන්නත් වෛද්‍යවරුන් විසින් හොර පාරේ පුද්ගලික අංශයට ලබාදෙන බව අපි මීට පෙර හෙළි කළෙමු.

Related articles

Recent articles

spot_img