-2.1 C
New York

සරුංගල් යැවූ පියපුතු ඇතුළු ‌තිදෙනෙක් ගොඩනැගිල්ලකින් වැටී මරුට

Published:

ගාල්ල මකුළුව ප්‍රදේශයේ ඉදිකරමින් පැවති තෙමහල් ගොඩනැගිල්ලකි අද (14) සවස ඇදවැටී පිය පුතු දෙපළක් ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ පියා සහ වයස අවුරුදු 05ක්වූ ඔහුගේ පුතු සහ වයස අවුරුදු 41ක්වූ අසල්වැසියෙකි.

ඉදිකිරමින් පැවැති මෙම නිවසේ කිසිවෙකුත් පදිංචිව නැති බවත් මෙම තිදෙනා සරුංගල් යැවීම සඳහා උඩුමහළට නැග ඇති බවත් ගාල්ල පොලිසිය පවසයි. ඔවුන් මෙම ගොඩනැගිල්ල අසළ පදිංචිකරුවෝය.  ගොඩනැගිල්ලේ විදුලි සෝපානයක් සවිකරීම සඳහා ඉහළම මහලේ තිබූ හිස් ඉඩක් සෙවිළි තහඩුවකින් ආවරණය කර තිබී ඇත. සරුංගල් යැවූ මෙම තිදෙනා ඒ මත නැග සිටිය දී හෝ වාඩිවී සිටිය දී එය කඩා වැටෙන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

ඔවුන් පතිත වී ඇත්තේ බිම් මහළේ කොන්ක්‍රීට් පොළොව මතටය. කුඩා දරුවා එම ස්ථානයේ ම මියගොස් සිටි අතර අනෙක් දෙදෙනා රෝහලට ඇතුළත් කරනවිට මියගොස් සිටි බව පොලිසිය පවසයි.

ගාල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර හෙට (15) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මෙම මරණ සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

Related articles

Recent articles

spot_img