-4.8 C
New York

පොල්අතුමෝදර ගඟ පිටාර ගලා යක්කලමුල්ල නගරය යටවෙයි

Published:

පොල්අතුමෝදර ගඟ පිිටාර ගැලීම හේතුවෙන් යක්කලමුල්ල නගරය මේ වනවිට ජලයෙන් යටවෙමින් තිබෙන බව ප්‍රදේශවාසීහු කියති.

ඊයේ (12) සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොල්අතුමෝදර ගඟේ ජල මට්ටම ඉහළ ගොස් අද (13) රාත්‍රී 7.30ට පමණ යක්කලමුල්ල නගරය ජලයෙන් යටවීම ආරම්භ වී තිබේ. මේ විට බස් නැවතුම් පොළ අවට ප්‍රදේශය මුළුමනින්ම යටවී ඇති අතර නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් ද යටවී තිබේ.

සාමාන්‍ය දිනවල දී පොල්අතුමෝදර ‍ගඟේ ජල මට්ටම පවතින්නේ නගරයට වඩා අඩි 15ක් පමණ පහතිනි.

Related articles

Recent articles

spot_img