ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ සේවක සේවිකාවන් කිහිප දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙක් මේ වනවීට නිවෙස්වල ම නිරෝධායනයට යොමුකර සිටිති.
මේ හේතුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිරුරු විච්ඡේදනය කිරීම ඇතුළු බොහෝ කාර්යයන් සඳහා ප්‍රමාණවත් සේවක සංඛයාවක් නොමැත. එහි සේවය කරන වෛද්‍යවරු පවා තමන්ට අයත් නොවන කාර්යයන් පවා ඉටු කරමින් අධිකරණ අංශයට ලැබෙන මෘත දේහ හැකි ඉක්මණින් කොරෝනා සඳහා පරීක්ෂා කිරීම් සහ ඒවා නිදහස් කිරීම් ද සිදුකරයි.
මේ අතර රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ හිටපු අංශාධිපති හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා අද (13) තම රාජකාරී අතරතුර කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් සිදුකරන කාර්යයන්හි නිරත වූ ආකාරය මෙම ඡායාරූපයේ දැක්වේ.
කොළ පැහැති ඇඳුමකින් සැරසී සිටින වෛද්‍යවරයා කොරෝනා මළ සිරුරක් ආදාහනය කිරීම සඳහා ගෙන යාමට එය ගිලන්රථයකට පටවන ආකාරය මෙහි දැක්වේ. කොරෝනා ආසාදිත මේ මළ සිරුරු හැකි ඉක්මණින් ආදාහනය කිරීමට අවශ්‍ය බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු මේ ආකාරයෙන් කටයුතු කරති.
ඔහු ඉටු කළේ තමන්ට අයත් රාජකාරියක් නොව මනුෂ්‍යත්ව වෙනුවෙන් කළ යුතු කාර්යයකි.



