-5.9 C
New York

නිරිත දිග බෑවුමේ මහ වැසි හේතුවෙන් ගංවතුර අවදානමක්

Published:

දැඩි වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට කළු ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ හා නිල්වලා ගඟ යන ගංඟා වලත් ඒවායේ අතු ගංඟාවලත් ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

දැනටමත් කළු ගඟේ සහ ගිං ගඟේ සුළු ගං වතුර මට්ටමක් දක්වා ජලය වැඩිවී ඇති බවට අනතුරු අඟවා ඇත. දිගටම වැසි පැවතුනහොත් ගංවතුර තත්ත්වය වඩාත් භයානක විය හැකි බැවින් පහත්බිම්වල සිටින පුද්ගලයන්ට වහාම එම ස්ථානවලින් ඉවත්වන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම පස් කඳු කඩා වැටීම් හා නායයාමේ අවදානමක් පවතින බැවින් මේ වනවිට එවැනි අවදානම් සහිත ස්ථානවලින්ද ඉවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර වැසි ජලය බැස නොයාම හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරු කියති.

Related articles

Recent articles

spot_img