ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිරිමේ අවදානම සැළකිල්ලට ගනිමින් අහංගම හා හබරාදුව පොලිස් වසම් දෙකෙහි ග්‍රාම නිලධාරී වසම් 07ක් අද (13) උදෑසන සිට හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මෙසෙ හුදකලා කර ඇති ප්‍රදේශ පහත දැක්වේ
අහංගම පොලිස් වසම
- කරදුන්ගොඩ 161 ඒ ග්‍රාම නිලධාරී වසම
- ගොවියාපාන 156 ඒ ග්‍රාම නිලධාරී වසම
- කහවැන්නගම 164 ඊ ග්‍රාම නිලධාරී වසම
- දොම්මන්ගොඩ 160 ඒ ග්‍රාම නිලධාරී වසම
හබරාදුව පොලිස් වසම
- ලනුමෝදර 151 ඩී ග්‍රාම නිලධාරී වසම
- බොනවිස්ටා 137 සී ග්‍රාම නිලධාරී වසම
- කටුකුරුන්ද 144 සී ග්‍රාම නිලධාරී වසම



