-5.9 C
New York

මෙරට කා‍ෙරෝනා ආසාදිතයන්ගේ ඔක්සිජන්, ICU අවශ්‍යතාව ඉහළ ප්‍රතිශතයක

Published:

කොරෝනා ආසාදනය වී රෝග ලක්ෂණ පෙන්වන රෝගින්ගෙන් 17% ප්‍රමාණයකට ශ්වසන අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබාදීමට සිදුව ඇති සෞඛ්‍ය අංශ පවසයි.

දැනට වාර්තාවන රෝගීන්ගෙන් 25%-28% ප්‍රමාණයකට ‍රෝග ලක්ෂණ පෙන්වයි. එමෙන්ම දැනට කොරෝනා ආසාදිතයන් වාර්තාවන ආකාරයට රෝගීන්ගෙන් 4%-5% ප්‍රමාණයක් සඳහා දැඩි සත්කාර ඒකක අවශ්‍යවන තත්ත්වයක් ද මේ වනවිට දක්නට ලැබෙයි.

මේ අතර පසුගිය දා අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දී තීරණ අනුව ලීටර 4ක කුඩා සිලින්ඩර 2,000ක්, ලීටර 12 විශාල සිලින්ඩර 10,000ක් සහ ලීඩර 47 සිලින්ඩර 9,000ක් කඩිනමින් ආනයනය කර සුරක්ෂිිත තොග වශයෙන් තබා ගැනීමට ලිට්රෝ ගෑස් සමාගමට අනුමැතිය දී තිබේ.

මේ වනවිටත් ලිට්රෝ සමාගම සිංගප්පූරුවෙන් මෙම ඔක්සිජන් සිලින්ඩර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් පවතී.

Related articles

Recent articles

spot_img