ශ්‍රී ලංකාව මේ වනවිට කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාමත් භයානක ස්ථානකට පත්ව ඇති බවත් අප අද සංඛ්‍යාලේඛන වලින් දකින්නේ අදින් සතියකට පමණ පෙර රටේ තත්ත්වය බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයෝ වරින් වර කියති. ඔවුන් මේ තත්ත්වය හඳුන්වන්නේ මුහුදේ පාවෙමින් තිබෙන අයිස් කන්දකට සම කරමිනි.
අයිස් කන්දේ කුඩා මුදුනත අපට පෙනෙන අතර මුහුද යට ගිලී ඇති දැවැන්ත කොටස පෙනෙන්නේ නැත. මේ හේතුවෙන් පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙරට වසංගත තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි දී එළැඹි තීන්දු හා තීරණ ප්‍රතිිපත්ති ක්‍රියාත්මක කරන අංශවලට ලබාදීම සඳහා සැකසූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය ප්‍රවර්ධන හා සන්නිවේදන නිලධාරිනී සහනි චන්ද්‍රරත්න පවසයි.
ඒ බව ලෝක සෞඛ්‍ය සංවධානයේ වෙබ් අඩවියේ දක්වා ඇත. මේ ඇය විසින් සැකසූ වාර්තාවේ සිංහල පරිවර්ථනයයි.
(සහනි චන්ද්‍රරත්න විසිනි)
ශ්‍රී ලංකාවේ වර්තමනා වසංගත තත්ත්වය වර්තමානයේ වැඩිවීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ විෂයයන් සම්බන්ධ විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පවත්වන ලදී.
මෙම රැස්වීමේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල පැති ගණනාවක් පිළිබඳ සාකච්ඡා කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය තීරණ ගන්නා කණ්ඩායම වෙත අදාල නිරීක්ෂණ හා නිර්දේශ කිහිපයක් ලේඛනගත කර ඉදිරිපත් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසන්නේ මෙම නිර්දේශ හා නිරීක්ෂණ ශ්‍රී ලංකාවේ ම විශේෂඥයන් විසින් දැක්වූ අදහස් පමණක් වන අතර ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස් ඇතුළත් නොවන බවයි.
එහි දී පහත දැක්වෙන තීරණාත්මක කරුණු අවධාරණය කර තිබේ.
- ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය ඉදිරි සති කිහිපයේ දී වඩාත් නරක අතට හැරෙනු ඇත. මේ මොහොතේ ගන්නා තීරණ ශ්‍රී ලාංකික මිලියන ගණනක් ජනතාවගේ ජීවිතවලට බලපානු ඇත. එබැවින් කොරෝනා වයිරසය තවදුරටත් සම්ප්‍රේෂණය වීම පාලනය කිරීම සඳහා ඉදිරි සති 3-4 අතිශය තීරණාත්ක වනු ඇත.
- පසුගිය සති කිහිපයේ වසංගත විද්‍යාත්මක ප්‍රවණතාවන්ගෙන් පිළිබිඹු වන්නේ මෙරට ආසාදිතයන් වාර්තාවීමේ වේගවත් වර්ධනයකි. එබැවින් ඵලදායී මැදිහත්වීමක් සිදු නොකළහොත් මෙම ප්‍රවණතාව තවත් කාලයක් පවතිනු ඇත.
- ආසාදනය වූ රෝගීන් පිළිබඳ අනාවරණය කිරීම සති 1-2ක ප්‍රමාදයක් දක්නට ලැබේ. එමෙන්ම දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමේ සංඛ්‍යාව හා මරණ සිදුවීම් වාර්තා කිරීම් අතර ප්‍රමාදය සති 2-3ක් පමණ වෙයි. මේ අනුව දෛනිකව අප දකිමින් සිටින්නේ එම දිනයට වඩා සති කිහිපයකට පෙර රටේ තත්ත්වයි. එනම් තුන්වැනි රැල්ලේ මුල් අවධියේ සිදු වූ ආසාදනවල ප්‍රතිඵලයයි.
- කොරෝනා රෝගීන් කළමනාකරණය ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම දුෂ්කර ත්තත්වයකට පත්ව ඇත. සෞඛ්‍ය පද්ධතිය උපරිම සීමාව ඉක්මවා ගොස් තිබේ. රෝහල්වලට අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා වසංගතය පැතිරීම වැළැක්වීමේ කාර්ය මණ්ඩල වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආදී වෘත්තිකයන් ද මේ ආසාදනයට ගොදුරු වමෙින් පවතින අතර හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා මානව සම්පත් ප්‍රතිිපත්තියක් සකස් කිරීම කඩිනමින් කළ යුතුය. මෙම පද්ධතීන් පාලනය කළ නොහැකි තත්ත්වයක් කරා ගමන් කරමින් සිටින බවට ඉඟි පළවෙමින් තිබේ.
- ඉන්දියාව ඇතුළු වෙනත් රටවලින් වාර්තා වූ වඩාත් වේගයෙන් පැතිරෙන ප්‍රභේද දැනටමත් ශ්‍රී ලංකාව තුළින් සොයාගෙන ඇති අතර මේවා වේගයනේ ව්‍යාප්ත විය හැකි අතර එන්නත් මගින් ඇති කරන ප්‍රතිශක්තිය පවා ප්‍රමාණවත් නොවනු ඇත.
- වසංගතය මධ්‍යකාලීනව පාලනය කිරීම සඳහා එන්නත් ඉතා වැදගත් වන නමුත් අප දැන් මුහුණ දී සිටින වසංගත ව්‍යාප්තවීමේ තත්ත්වයට ක්ෂනික විසඳුමක් එන්නත් මගින් නොලැබෙනු ඇත. ඇතැම් එන්නත් ඵලදායී වන්නේ දෙවැනි මාත්‍රාව ද ලබාදීමෙන් පමණි. එබැවින් එන්නත් කිරීමේ ප්‍රතිඵල අත්විදීමට නම් අවම වශයෙන් සති 6-8ක් ගත වනු ඇත.
ඉහත සන්දර්භය තුළ ජීවිත බේරාගැනීම සඳහා අපට ගත හැකි හදිසි ක්‍රියාමාර්ග දෙකක් තිබේ. අලුතෙන් ආසාදනය වන පුද්ගලයන් අවම කරගැනීම සඳහා දැනට වාර්තා වී ඇති ආසාදිතයන් සහ සිදුවන මරණවල වැඩිවීම පිළිබඳ සාර්ථක හා නිවැරදි පුරෝකථනයක් කිරීම
- ගෝලීය වශයෙන් වසංගතය පාලනය කිරීමේ ක්‍රමවේද පිළිබඳ සොයා බැලීමේ දී පෙන්නුම් කරන්නේ සංචරණ දැඩි ලෙස සීමා කිරීම මේ සඳහා ඇති එකම ක්ෂණික පියවර බවයි. ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් හා අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන අතරම දැඩි සංචරණ සීමාකිරීම් වලින් ශ්‍රී ලංකාවට සාර්ථක ප්‍රතඵල ලබාගත හැකිවනු ඇත. අන්තර් දිස්ත්‍රික් සංචරණය නැවැත්විය යුතු අතර අත්‍යාවශ්‍ය නොවන සංචරණවලට සහ රැස්වීම්වලට දැඩි සීමාවන් හඳුන්වාදිය යුතුය. සුදුසු මුඛ හා මුහුණු ආවරණ නිසි පරිදි පැළඳීම, දුරස්ථභාවය තබාගැනීම, අත් සේදීම ඇතුළු සනීපාරක්ෂාව පවත්වාගෙන යාම වැනි පූර්වආරක්ෂ ක්‍රමවලට යොමුවීම හා සීමිත හා සංවෘත අවකාශයන්හි රැස්වීම වැළකිය යුතු අතර වසංගතය වැඩිපුර පැතිරයන ප්‍රදේශ සති 2-3ක කාලයක් වසා දැමිය යුතුය. එන්නත් ලබා දීම වේගවත් කිරීම සඳහා ජාතික බලමුළු ගැන්වීමක් කළ යුතුය.
- ආසාදිතයන් කළමනාකරණය කිරීම හා එම කළමනාකරණය නැවත සළකා බැලීම, නිවාස තුළම ආර්කෂිතව තැබීම සඳහා මෙන්ම සායනික වශයෙන් ඔවුන් සුරක්ෂිත කිරීම සඳහා ප්‍රමුඛතා වැඩපිළිවෙලක් සකසා ආසාදිතයන්ගේ තත්ත්වයන් හඳුනාගැනීම කළ යුතුය. එමෙන්ම රෝගීණ ්නිසි ලෙස අධීක්ෂණය කිරීම හා නිසි ලෙස කළමනාකරණයකිරීම සඳහා අතරමැදි සත්කාර මධ්‍යස්ථාන කෙරෙහි අවධානය වැඩි කිරීම සිදුවිය යුතුය. එමගින් දැඩි සත්කාර අවශ්‍යතාව අවම කරගත හැකි අතර රෝහල්ගත වීමේ වැඩි වීමක් සඳහා සූදානම්ව සිටිය යුතුය.
“භයානක කැළඹීම් තත්ත්වයක දී ඇතිවිය හැකි බරපතල ම අන්තරාය වන්නේ කැළඹීම නොවේ. ඊයේ දත්ත සමඟ ක්‍රියා කිරීමයි” – පීටර් ඩ්‍රකර්-
මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ පිරිස
- ආචාර්ය පාලිත අබේකෝන් – ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ කොවිඩ් 19 සඳහා විශේෂ නියෝජිත
- මහාචාර්ය මලික් පීරිස් – සභාපති මහජන සෞඛ්‍ය පාසල, හොංකොං විශ්වවිද්‍යාලය, වෛද්‍ය පීඨය
- වෛද්‍ය ආනන්ද විජේවික්‍රම – උපදේශක වෛද්‍යවරයා සහ වෛද්‍ය විද්‍යාලයේ හිටපු සභාපති
- මහාචාර්ය නීලිකා මලවිගේ – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශකතීකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී
- ආචාර්ය වින්යා ආරියරත්න – මහජන සෞඛ්‍ය විශේෂඥයන්ගේ සභාපති සර්වෝදය
- විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න – සභාපති, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
- මහාචාර්ය ඉන්දිකා කරුණාතිලක – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති
- මහාචාර්ය අසිතා ද සිල්වා – ශ්‍රී ලංකා සායනික ඖෂධවේදය හා චිකිත්සාව පිළිබඳ සංගමයේ සභාපති හා කැලණිය විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
- මහාචාර්ය මනූජ් වීරසිංහ – කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය
- විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු – ළමා රෝග විශේෂ වෛද්‍ය සහ වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ සභාපති
- විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ – ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සහ ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති
- මහාචාර්ය සරෝජ් ජයසිංහ – කොළඹ වෛද්‍ය පීඨයේ හිටපු මහාචාර්ය
- මහාචාර්ය කමනි මෙන්ඩිස් – ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු මැලේරියා රෝග විශේෂඥ
- ආචාර්ය ඔලිවියා නීවේරාස් – ලෝක සෞඛ්‍ය සංවිධානයේ භාර නිලධාරී
- ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් පිරිසක්