-5.9 C
New York

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

Published:

දිස්ත්‍රික්ක 06ක තවත් ප්‍රදේශ කිහිපයක් අද (12) උදෑසන සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙලෙස හුදකලා කර ඇති ප්‍රදේශ පහතින් දක්වා ඇත.

කොළඹ දිස්ත්‍රික්කය – පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොලමුන්න හා මාම්පේ බටහිර

ගම්පහ දිස්ත්‍රික්කය – මහබාගේ පොලිස් බල ප්‍රදේශය ඇලපිටිවල නවම් මහර ගම, මඟුල් පොකුණ ගමේ ‍මඟුල්‍ පොකුණ පාර

ගාල්ල දිස්ත්‍රික්කය – ඉමදුව පොලිස් බල ප්‍රදේශයේ දික්කුඹුර

ගාල්ල දිස්ත්‍රික්කය – අහංගම පොලිස් බල ප්‍රදේශය අටානිකිත

රත්නපුර දිස්ත්‍රික්කය – පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශය සන්නස්ගම, දොඩගස්වින්න හා ගොඩගම ප්‍රදේශ

රත්නපුර දිස්ත්‍රික්කය – කහවත්ත පොලිස් බල ප්‍රදේශය කට්ටංගේ අංක 03 කොටස

හම්බන්තොට දිස්ත්‍රික්කය – සූරියවැව පොලිස් බල ප්‍රදේශය සූරියවැව නගරය

කෑගල්ල දිස්ත්‍රික්කය – බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශයේ උඩපොත හා කැන්දාව

Related articles

Recent articles

spot_img