-0.8 C
New York

ගාල්ලේ PHI ලා වැඩ වරති

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන පරීක්ෂකවරු සියලු දෙනා හෙට (12) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

මේ සඳහා හේතු වී ඇත්තේ කොරෝනා මර්ධන කටයුතුවල දී සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට ඇතිවී තිබෙන ගැටලු නොවිසඳීම, සෞඛ්‍ය බලධාරීන් විසින් සාකච්ඡාවක් ලබා නොදීම හා ගාල්ල මහ නගර සභාවේ ඇතිවී තිබෙන අර්බුදය නොවිසඳීම යන කරුණු තුනකි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ හෙට (12) දිනයේ සංකේත වැඩ වර්ජනයක් සිදුකරන අතර මේ සඳහා සුදුසු විසඳුම් නොලැබුණහොත් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගවලටත් අවතීරණ වන බවයි.

Related articles

Recent articles

spot_img