-5.9 C
New York

ඊයේ ආසාදිතයන් 2,624 වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Published:

වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ (10) දිනයේ දී වාර්තා වි ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ වාර්තා වූ ආසාදිතයන් 2,624 අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 551 දෙනෙකි. ඒ අතරින් වැඩිම පිරිසක් දිවුලපිටියෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 120ක් ලෙස දැක්වෙයි. සීදූවෙන් 63ක්, කටාන 58ක්,මිනුවන්ගොඩින් 51ක්, ගම්පහ 33ක්, මීගමුව 24, කිරිඳිවෙල 20ක් හා පල්ලෙවෙල 19ක් ලෙස වාර්තා වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සංඛයාව 362කි. පානදුර දකුණ 67ක්, මීගහතැන්න 62ක්, බුලත්සිංහල 43ක්, මතුගම 31ක්, කළුතර 28ක්, පානදුර 27ක්, හොරණ 21ක්, අගලවත්ත 20ක් හා වැලිපැන්න 13ක් ලෙස දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛයාව 321කි. ඔවුන් වාර්තා වී ඇත්තේ පිළියන්දල 50ක්, තලංගම 35ක්, කොළඹ මහ නගර සභාව 32ක්, මොරටුව 30ක්, කොට්ටාව 27ක්, හෝමාගම 18ක් හා අවිස්සාවේල් 18ක් ලෙසිනි.

අනෙකුත දිස්ත්‍රික්කවල ආසාදිතයන් වාර්තා වී ඇති සංඛ්‍යාව

නුවරඑළිය 184

කුරුණෑගල 177

ගාල්ල 170

රත්නපුර 128

යාපනය 109

මාතර 19

කෑගල්ල 39

බදුල්ල 23

අම්පාර 13

අනුරාධපුරය 83

ත්‍රිකුණාමලය 36

මුලතිව් 01

මහනුවර 50

පුත්තලම 46

මාතලේ 26

කිලිනොච්චි 22

පොළොන්නරුව 54

හම්බන්තොට 41

මොණරාගල 92

මඩකලපුව 26

විදේශගත වී සිට පැමිණි අය අතරින් 51

Related articles

Recent articles

spot_img