8.6 C
New York

ප්‍රදේශ කිහිපයක් අද (11) සිට හුදකලා කරයි

Published:

මාතර, මාතලේ, මහනුවර සහ පුත්තල දිස්ත්‍රික්ක 04 තුළ ප්‍රදේශ කිහිපයක් අද (11) උදෑසන සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

ඒ අනුව පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර ඇත.

මාතර දිස්ත්‍රික්කය මාතර පොලිස් බල ප්‍රදේශයේ උයන්වත්ත 417 G ග්‍රාම නිලධාරී වසම සහ උයන්වත්ත උතුර 417 D ග්‍රාම නිලධාරී වසම

මාතලේ දිස්ත්‍රික්කය රත්තොට පොලිස් බල ප්‍රදේශයේ උඩහපුවිද E 367 ග්‍රාම නිලධාරී වසම

මහනුවර දිස්ත්‍රික්කය කඩුගන්නාව පොලිස් බල ප්‍රදේශයේ වල්ගම්පාය ග්‍රාම නිලධාරී වසමේ තිබ්බුට්ට ගම සහ කොස්ගස්තැන්න ගම පුත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ මැද කිරිමැටියාන 466 A ග්‍රාම නිලධාරී වසම

Related articles

Recent articles

spot_img