-5.9 C
New York

කොරෝනා මළ සිරුරක් එම්බාම් කර නිවසට ගෙනිහින්

Published:

රත්නපුර රෝහලේ දී මියගිය කාන්තාවකගේ සිරුර එම්බාම් කර නිවසට ගන යාමෙන් පසු ඇය කොරෝනා ආසාදිතය යැයි කියා සෞඛ්‍ය බලධාරීන් හා පොලිසිය පැමිණ යළි රැගෙන ගොස් තිබේ.

මෙය සිදුව ඇත්තේ කුරුවිට පාතගම ප්‍රදේශයේය. වෙනත් අසනීපයකට රෝහලට ඇතුළත් කිරීමේ දී මේ කාන්තාවගේ ඇන්ටිජන් පරීක්ෂණයක් කර ඉන් කොරෝනා නැතැයි තහවුරු කරගෙන තිබිණි. නමුත් දින කිහිපයකට පසු ඇය මියගියාය. මළ සිරුරෙන් පීසීආර් පරීක්ෂණයක් සිදු කළ ද එම වාර්තා ලැබීමට පෙර හදිසි මරණ පරීක්ෂණයක් ද පවත්වා සිරුර ඥාතීන්ට භාරදීමට හදිසි මරණ පරීක්ෂකවරයා කටයුතු කර තිබිණි.

ඒ අනුව සිරුර භාරගත් ඥාතීන් විසින් එය මල් ශාලාවකට යොමුකර එම්බාම් කර නිවසට රැගෙන යන ලදී. පොලිසිය පවසන්නේ සිරුර සම්බන්ධයෙන් සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබෙන විට සිරුර නිවසටත් ගෙන ගොස් තිබූ බවයි.

මේ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය හා සෞඛ්‍ය අංශ මළ සිරුර යළි ගෙනවිත් ඊයේ (09) රාත්‍රියේ ම ආදාහනය කර තිබිණි. මේ වනවිට ඥාතීන්, මල් ශාලාවේ පිරිස් හා මළ ගෙදරට සහභාගී වූ පිරිස් නිරෝධායනයට යොමුකර තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

spot_img