-5.9 C
New York

මසාජ් කරගන්න ගියානම් වහාම PCR කරගන්න

Published:

බත්තරමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන ආයතන දෙකකින් කෙරෝනා ආසාදිත කාන්තාවන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ පැලවත්ත ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක තරුණියන් දෙදෙනකු සහ බත්තරමුල් ටීසී ගාර්ඩ්න් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මධ්‍යස්ථානයකින් ද ආසාතික තරුණියක් හමු වී ඇති බවයි.

මෙම සම්භාහන මධ්‍යස්තානවලට පැමිණි පුද්ගලයන්ගේ ලේඛන ඔවුන සතුව නොමැති බව ද සෞඛ්‍ය අංශ පවසයි. එබැවින් බරපතල ගැටලුවක් මතුවී ඇති බවත් බත්තරමුල්ල හා පැලවත්ත සම්භාහන මධ්‍යස්ථානවලින් සේවාවන් ලබාගත්තේ නම් වහාම පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුවන ලෙසත් සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

Related articles

Recent articles

spot_img