නිරෝධායන ඇඳිරිනීතිය හෝ හුදකලා කිරීමක් සිදු වුවහොත් එම ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම අඛණ්ඩව පව්තවාගෙන යාම සඳහා බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කර එම සැළැස්ම මැයි මස 12 වැනි දිනට පෙර ජනාධිපති කාර්ය සාධන බලකාය වෙත වාර්තා කරන ලෙස සියලු දිසාපතිවරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හා ජනාධිපති කාර්යසාධන බලකායේ සම ලේකම් ඇන්ටන් පෙරේරා විසින් දැනුම් දී තිබේ.
ජනාධිපපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (09) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවවක දී එළැඹ ඇති තීරණ අනුව මෙම දැනුම් දීම සිදුකර ඇත.
එහි දී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමුකර ඇත.
- අත්‍යාවශ්‍ය සේවා සැපයීම
- භාණ්ඩ බෙදා හැරීම (සහල්, එළවලු ඇතුළු ආහාර ද්‍රව්‍ය, ඖෂධ, සනීපාරක්ෂක ද්‍රව්‍ය)
- ජංගම වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු
- රජයේ බැංකු, සතොස, සමූපකාර , ආර්ථික මධයස්ථාන අඛණ්ඩව පව්තවාගෙන යාම
- එන්නත්කරණ වැඩසටහන් පවත්වාගෙන යාම
- කාර්යාලවල සේවය සඳහා අත්‍යාවශ්‍යම නිලධාරීන්ගේ ලේඛන සැකසීම
Curfew Will Start After Ramzan….