-2.1 C
New York

කැලණියේ හිමනමක් කොරෝනා ආසාදිතව ගාල්ලේ දී අපවත් වෙති

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අපවත් වූ බෞද්ධ භික්ෂුවක් කෙරෝනා ආසාදිත බව මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී ඇත.ා්ා්කක

කැලණිය විහාරස්ථානයේ වැඩ සිටි මේ භික්ෂූන් වහන්සේ තමන් උපන් ගම් ප්‍රදේශය වූ බදුල්ලේ පරවාහැර ප්‍රදේශයේ නිවසට ගොස් පසුගිය 01 දා සැත්කමක් සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත්ව ඇති බව මූලික පරීක්ෂණවල දී හෙළි වී තිබේ. එහි දී අසාධ්‍යවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට 04 දා මාරුකර එවා තිබූ අතර සෙනසුරාදා (08) සවස මියගොස් තිබේ.

එම දේහයෙන් ජෛව සාම්පල රැගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ භික්ෂූන් වහන්සේ මියයන විට කොරෝනා ආසාදනය වී සිටි බවයි.

හිමියන්ගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු අද (10) සවස දඩල්ල ආදාහනාගාරයේ දී සිදුකිරිමට නියමිතව තිබිණි.

Related articles

Recent articles

spot_img