-5.9 C
New York

ගැබිනියන් ගෙදර තියන රාජ්‍ය සේවයේ නව චක්‍රලේඛයක් අද නිකුත් වෙයි ?

Published:

රජයේ සේවකයන් රාජකාරී සඳහා කැඳවීමේ නව චක්‍රලේඛයක් අද (10) නිකුත් කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

දැනට පවතින වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම පවා අවම සේවක සංඛ්‍යාවක් යටතේ සිදුකිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී තිබේ. ඒ පිළිබඳ ඊයේ (09) විශේෂ සාකච්ඡාවක් පැවැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි පවසයි.

එම සංකච්ඡාවේ දී ගනු ලැබූ තීරණ පදනම් කරගනිමින් රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් නව චක්‍රලේකයක් අද (10) නිකුත් කිරීමට නියමිතය.

ගැබිනි කාන්තාවන් සේවය සඳහා නොකැඳවීමට ද තීරණය කර තිබේ. දැනට ශ්‍රී ලංකාවේ පැතිරයන කොරෝනා වයිරසය ගැබිනි කාන්තාවන්ට දරුණු බලපෑම් ඇතිකරන බැවින් එම තිරණය ගෙන තිබේ.

Related articles

Recent articles

spot_img