-2.1 C
New York

එක්මෝ ප්‍රතිකාරයට යොමුකර සිටි 44 හැවිරිදි ගැබිනි කත ජීවිතයෙන් සමු ගනී

Published:

කොරෝනා ආසාදනය වීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි ගැබිනි මාතාව මීට සුළු වේලාවක පෙර මියගියාය.

මුල්ලේරියාව රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් අප්‍රේල් 29 වැනි දා සිට එක්මෝ ප්‍රතිකාර සඳහා යොමු කළ ද මවගේ සහ දරුවාගේ ජීවිත බේරාගැනීමට හැකි වූයේ නැත.

44 වැනි වියේ පසුවූ ඇය දරුවකු නොමැතිවීම හේතුවෙන් නල දරු ක්‍රමයෙන් දරුගැබක හිමිකාරියක වූවාය. කරාපිටියේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී සිහි මුර්ජා තත්ත්වයෙන් ම ඇය තම දරුවා ප්‍රසූත කළ අතර එය මළ දරු උපතකි.

වෛද්‍යවරු පවසන්නේ මෙම කාන්තාව සතියකට වැඩි කාලයක් එක්මෝ යන්ත්‍රයේ උපකාරයෙන් ප්‍රතිකාර ලැබූ බවයි. එසේ වුව ද වෛරසයේ බලපෑමෙන් ඇයට මොළය ඉදිමීමේ තත්ත්වයක් පවා දක්නට ලැබුණු බවත් මේ වයිරසයේ දරුණු බව ඉන් වඩාත් පැහැදිලි වූ බවත් වෛද්‍යවරු කියති.

වෛද්‍යවරුන්ගේ සියළු උත්සාහයන් ව්‍යර්ථ කරමින් ඇය අද අවසන් හුස්ම හෙළුවාය.

Related articles

Recent articles

spot_img