ගාල්ලේ හපුගල මහා විද්‍යාලයීය ක්‍රිඩා පිටියේ තිබී අද (09) උදෑසන මියගිය පිරිමි පුද්ගලයකුගේ සිරුරක් හුමවී ඇති බව පෝදද්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ උදෑසන ව්‍යායාම සඳහා පැමිණි පුද්ගලයකු බව අනාවරණය වී ඇත. අනන්‍යතාව මෙතෙක් තහවුරු කරකගෙන නැත. ඔහු පැමිණි බවට විශ්වාස කරන යතුරුපැදියක් ද ක්‍රීඩා පිටිය අසළ නවතා ඇති අතර ව්‍යායාම කරන අතරතුර ඔහු ඇදවැටී මියයන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි. උදෑසන ව්‍යායාම සඳහා පැමිණි තවත් පුද්ගලයකු විසින් ඔහු වැටී සිටිනු දැක ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.
1990 ගිලන්රථයක් පැමිණ මොහු මියගොස් ඇති බව තහවුරු කර ඇති අතර මළ සිරුර හදිසි මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට යැවීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.