ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද දිනයේ කොරෝනා මරණ තුනක් වාර්තා වීමත් සමඟ කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ගාල්ලේ සිදුවූ මරණ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (08) දිනයේ මරණ වාර්තා වූයේ අම්බලන්ගො සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්, අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.
ගාල්ල දිස්ත්‍රික්කමෙතෙක් සිදුව ඇති තුන්වැනි රැල්ලේ මරණ අතරින් ඊයේ (07) රජය නිල වශයෙන් මරණ 05 ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් සිදුවූ මරණ සංඛ්‍යාවෙන් 23ක් තවමත් ප්‍රකාශයට පත්කර නැත.
අද වාර්තා වූ මරණ 03 පහත දක්වා ඇත.
- අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කෙරමිණිය නිවසේ දී මියගොස් සිටි පිරිමි පුද්ලයකු කොරෝනා ආසාදිත බව තහවුරු කර ගැණිනි.
- මේරි නෝනා වයස අවුරුදු 78ක කාන්තාවකි. පොද්දල පදිංචි ඇය කරාපිටිය රෝහලේ වාට්ටු අංක 36 ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියාය
- වලහන්දූව කුරුඳුවත්තේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේය.



