-2.1 C
New York

ඕෂධී හේවාමද්දුමගේ හොර ජවාරමකට ප්‍රචාරය දෙමින් රටේ ජනතාව නොමඟ යවයි

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් කොරෝනා මර්ධනය කිරීමට දේශීය අමුද්‍රව්‍ය සහිත ඖෂධයක් නිපදවා ඇති බවත් ඉන් රෝගීන් සුවපත් වී ඇති බවත් පවසමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවීව පැමිණ විස්තරයක් ඉදිරිපත් කරන ඕෂධී බුද්ධිමා හේවාමද්දුම තම ව්‍යාපාරයක් ප්‍රවර්ධනය සඳහා රටේ ජනතාව නොමග යවමින් සිටියි.

ඇය මේ ප්‍රවර්ධනය කරමින් සිටින්නේ නීති විරෝධී වෙළඳාමකි. පසුගිය මැයි  05 වැනි දා rata.lk වෙබ් අඩවිය මගින් “කරාපිටියේ වෛද්‍යවරයා සොයාගත් කොරෝනා බෙහෙත බොරුවක්. මුදල් ගරන ජාවාරමක්” යනුවෙන් හෙළි කරන ලදී.

එම සබැඳිය පහතින්

මෙම හෙළිදරව් කිරීමේ දී වෛද්‍යරයා සමඟ අප කළ සාකච්ඡාවේ දී ඔහු අනාවරණය කළේ Megha caring නමැති ආයතනයක් මෙම ඖෂධ්‍ය නිෂ්පාදනය කර බෙදා හරින බවයි. මෙම ඖෂධය බෙදා හැරීම සිදුකරන ආයතනය පිළිබඳ අප සොයා බැලූ විට අනාවරණය වූයේ එය බෙදාහැරීම ඕෂධී බුද්ධිමා හේවමද්දුම හා ප්‍රදීප් බුලත්සිංහල යන දෙදෙනා විසින් සිදුකරන බවයි. එය ඇය අපට ප්‍රකාශ කළාය. ඇය කිරන ලද ප්‍රකාශයන් ද අපි උක්ත ලිපියට ඇතුළත් කළෙමු.

එහි ඇය මෙසේ කීවාය.

“අපි කරන්නේ වෛද්‍යවරයා විසින් ගෙන එන නිෂ්පාදන ප්‍රචාරය හා බෙදාහැරීම පමණයි. අපි මේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ නැහැ. අපිට ඖෂධ හෝ ආහාර නිෂ්පාදන ආයතනයක් හෝ නැහැ.”

මේ නිෂ්පාදනය මෙරට අළෙවි කිරීම සඳහා අනුමැතියක් ලබා තිබේ දැයි විමසූ විට ඇය කියා සිටියේ සියළු අනුමැතීන් ඇති බවයි. ISO තත්ත්ව සහතිකය ද එම නිෂ්පාදනයට ඇති බව ඇය කීවාය. අප එවිට ඇයට කියා සිටියේ අප වෛද්‍යවරයා හමු වී කතා කළ විට එවැනි අනුමැතියක් නොමැති බව වෛද්‍යවරයා පිළිගත් බවයි. එවිට විනාඩි 05ක් ඇතුළත වෛද්‍යවරයා අමතා අපට යළි අමතන බව පවසමින් ඇය දුරකථනය විසන්ධි කළාය. නමුත් පැයකට පමණ පසු ඇයට අප දුරකථන ඇමතුම් ගත්ත ද සිදුවූයේ ඒ ඇමතුම් විසන්ධි කිරීම පමණි. නමුත් ඇය මගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් එවා තිබිණි. එහි මෙසේ සඳහන් විය

“හරි දේට බොරුවක් කියලා චෝදනා කරන ඔයාටත්, ඉක්මනට ඔය බෙහෙත බොන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.” මෙය ආශිර්වාදයක් ද වක්‍රාකාරයෙන් කරන ද තර්ජනයක් දැයි තේරුම්ගත නොහැක.

මේ වනවිට ගාල්ල මූලස්ථාන පොලිසිය විසින් ව්‍යාජ බෙහෙතක් නිෂ්පාදනය කර බෙදා හරිමින් ජනතාවගෙන් මුදල් එකතුකිරීමේ ජාවාරම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශන කටයුතු සඳහා වෛද්‍යවරයාගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ. වෛද්‍යවරයා පොලිසියට දැනුම් දී ඇත්තේ අදාල Megha caring නමැති සමාගම තමන්ට අයත් සමාගමක් නොව එය ඕෂධී බුද්ධිමා හේවාද්දුමට අයත් අයාතනයක් බවයි.

‍මේ පිළිබඳ සත්‍ය කරුණු ඉදිරියේ දී අනාවරණය වනු ඇත.

මෙවැනි ඖෂධයක් ප්‍රවර්ධනය කිරීම නීතියෙන් වරදක් බව වෛද්‍ය සභාව මගින් නිවේදනයක් නිකුත් කරමින්  ප්‍රකාශ කර ඇති අතර ඖෂධයක් සොයාගත්තා යැයි කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ද මෙම නිෂ්පාදනයේ නියැදි ලබාගනිමින් විමර්ශන ආරම්භ කර ඇත.

අප කරන ලද අනාවරණයේ දී පැහැදිලි වූයේ මෙය ව්‍යාජ කරුණු දක්විමන් ජනතාව මුළා කරමින් සිදුකරන මුදල් ගැරීමේ ජාවාරමක් බවයි. ඊට සම්බන්ධ තවත් බොහෝ දෙනකු පිළිබඳ තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇති අතර ඔවුන් පිළිබඳ ව ද විවිධ අංශවලින් පරීක්ෂණ කටයතු කිහිපයක් ම ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

එවන් පසුබිමක් තුළ ඕෂධී බුද්ධිමා හේවාමද්දුමගේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කරමින් තමන් ප්‍රවර්ධනය කරන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ජනතාව නොමග යවමින් සිටින බව පැහැදිලි කරුණකි.

Related articles

Recent articles

spot_img