ඉන්දියාවට විශාල හානියක් සිදුකරමින් පැතිරයන කොරෝනා ප්‍රබේදය ආසාදනය වූ කොරෝනා ආසාදිතයකු මෙරට ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් හමුවී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මේ බව අද (08) ප්‍රකාශ කළේය.
“ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසයේ B.1.617 ප්‍රභේදයට ආසාදිත පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානයකින් ලබාගත් සාම්පල මත සිදු කරන ලද ජානමය අනුක්‍රමික පරීක්ෂණයකින් වාර්තා වී තිබෙනවා. දැනට අපට ඉන්දියාවේ සහ දකුණු අප්‍රිකාවේ දක්නට ලැබෙන ප්‍රභේද දෙකම මෙරටින් හමුවී තිබෙනවා. මේ වෛරස ප්‍රභේද හමුවන්නේ විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන්.”



