-4.8 C
New York

ගාල්ල සහ කොළඹ ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

Published:

විශාල වශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ හා ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් හෙට (08) අළුයම 5.00 සිට හුදකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 03ක් හා ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් මෙලෙස හුදකලා කිරීමට නියමිතය.

හුදකලා කරන ලද ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නිවන්තිඩිය ග්‍රාම නිලධාරී වසම සහ මාම්පේ ග්‍රාම නිලධාරී වසම

මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරී වසම

ගාල්ල දිස්ත්‍රික්කය

හබරාදුව පොලිස් බල ප්‍රදේශයේ කොග්ගල 01 ග්‍රාම නිලධාරී වසම, කොග්ගල 02 ග්‍රාම නිලධාරී වසම, මීගහගොඩ ග්‍රාම නිලධාරී වසම, මැලියගොඩ ග්‍රාම නිලධාරී වසම සහ පියදිගම බටහිර ග්‍රාම නිලධාරී වසම

Related articles

Recent articles

spot_img