-2.1 C
New York

මුතුහෙට්ටිගම නිදොස් කොට නිදහස්

Published:

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු 05 දෙනකු අද සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ජී.එස්.නිශ්ශංක කටයුතු කළේය.

2009 වර්ෂයේ සැප්තැම්බර් 07 වැනි දා පුද්ගලයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගැනීම ඇතුළු චෝදනා 09ක් යටතේ නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.

ඊට අදාල නඩුව අද (07) ගාල්ල මහාධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ ධී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන බවයි. මෙම නඩුවේ පැමිණිලිකාර පාර්ශවයට විත්තිකරුට එරෙහිව සාක්ෂි ඔප්පු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම පිරිස නිදහස් කෙරිණි.

Related articles

Recent articles

spot_img