-2.1 C
New York

කාලි අම්මාගේ ධම්මික පැණියට තහනම් නියෝගයක් ලිඛිතව යවයි

Published:

කාලි මෑනියන් ආරූඪ වී ලබාදුන්නා යැයි කියන වට්ටෝරුවකට අනුව සැකසූ බව කියන පැණියක් මහා පරිමානයෙන් විකිණීමට පටන්ගත් ධම්මික නමින් පෙනී සිටින පුද්ගලයකුගේ නිෂ්පාදනය තවදුරටත් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම, විකිණීම හා ප්‍රවර්ධනය කිරීම තහනම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර විසින් එම පුද්ගලයා ලිඛිතව දැනුම්වත් කර ඇත.

මෙම පැණිය පානය කිරීමෙන් කොවිඩ් වෛරසය සුවවන බවට දේවාල කපුවෙකු විසින් දිගින් දිගටම පැවසීමත් සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු දේශපාලකයන් හා ඇතැම් මාධ්‍ය විසින් මේ පිළිබඳ පරීක්ෂා කළ යුතුයැයි බලපෑම් කිරීම හේතුවෙන් රජරට විශ්වවිද්‍යාලයට එය පරීක්ෂා කර බැලීමට පැවරිණි.

ඒ අනුව කරන ලද සායනික පරීක්ෂණයෙන් මෙම පැණිය පානය කිරීමෙන් කොවිඩ් සුව නොවන බවට තහවුරු වී ඇති බව විද්වත් කමිටුව සිය අවසන් වාර්තාවේ සඳහන් කර ඇත.

එම වාර්තාවේ සඳහන් වන්නේ ධම්මික පැණිය මගින් කොවිඩ් වෛරසයට එරෙහිව කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර නොදෙන බවයි. මෙම කරුණු සැළකිල්ලට ගනිමින් ඉහත නියෝගය නිකුත් කර ඇත.

Related articles

Recent articles

spot_img