කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකර තිබූ මළ සිරුරු 07ක් ඊයේ (06) දිනයේ දී කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කය තුළ කොරෝනා තුන්වැනි රැල්ල හේතුවෙන් සිදුවූ කොරෝනා මරණ සංඛයාව 26කි.
මෙම මළ සිරුරු අතරින් 03ක් කොරෝනා නිවෙස්වලම මියගොස් මරණයයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා බව තහවුරු වූ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර පවසයි.
අනෙක් පුද්ගලයන් 04 දෙනා කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය අය වෙති. මේ අනුව ඊයේ දිනයේ දී පමණක් කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයට කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 07 දෙනකුගේ මළ සිරුරු ලැබී තිබේ.
බද්දේගම, ඉමදුව, බෝපේ පෝද්දල සහ හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් මෙම මරණ වාර්තා වී තිබේ.
එම සිරුර අතර මාතර දිස්ත්‍රික්කයේ මොරවක අලපලා දෙණියේ පදිංචි පුද්ගලයකුගේ මළ සිරුරක් ද ඇති අතර බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වදුරඹ නිවසක සිදුවූ මරණය පිළිබඳ rata.lk මීට පෙර වාර්තා කරන ලදී.
ඒ අනුව මෙම මළ සිරුරු 07 අතරින් මළ සිරුරු 05 ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බැවින් ගාල්ලේ මේ වනවිට කොරෝනා තුන්වැනි රැල්ල හේතුවෙන් සිදුවූ මරණ සංඛයාව 26ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තිබෙන මළ සිරුරු ගාල්ල දඩල්ල පොදු සුසානභූමියේ ආදාහනාගාරයේ දී ආදාහනය කරන බැවින් එකම දිනයක දී ඒවා ආදානය කිරීමේ ගැටලුවක් ද මතුව තිබෙන බවයි.
- ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අඟුළුගහ පදිංචි 80 හැවිරිදි කාන්තාවක් නිවසේ දී මියගොස් ඇත.
- බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, නරාවල, පෝද්දල පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ දී මියගොස් ඇත
- බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වදුරඹ කොකාවල පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ දී ම මියගොස් ඇත.
- හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ නාරිගම පදිංචි 65 හැවිරිදි කාන්තාවක් කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 25 හි ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.
- බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු 25 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත
- මොරවක, අලපලා දෙණියේ පදිංචි 55 හැවිරිදි පිරිමි පුද්ගලයකු 36 වාට්ටුවේ ප්‍රතිකාර ලබමන් සිටයදී මියගොස් ඇත.
- ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අඟුළුගහ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයකු වාට්ටු අංක 46 ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේය.