ගාල්ල දිස්ත්‍රික්කයෙන් තවත් කොරෝනා මරණ තුනක් ඊයේ (06) වාර්තා වී තිබිණි.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයකු, වදුරඹ කොකාවල පදිංචි 79 හැවිරිදි පිරිමි පුද්ගලයකු හා ආරච්චිකන්ද රොහලේ කොරොනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 75ක් වූ ගෝනාපීනුවල පදිංචිකරුවකු වශයෙන් තිදෙනෙකි.
අම්බලන්ගොඩ පෝරඹ නිවසේ දී මියගිය පුද්ගලයා ඊයේ සවස 2.00ට පමණ ශ්වසන අපහසුතාවලින් පෙළීම හේතුවෙන් 1990 ගිලන් රථ සේවය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු සෑම ස්ථානයකටම අමතා නිවැසියන් විසින් උදව් ඉල්ලා ඇතත් ඔහුට අවශ්‍ය සහයෝගය ලැබී නැත. නිවැසියන් පවසන්නේ සවස 6.00ට පමණ මොහු නිවසේ දී ම මියගිය බවයි.
ආරච්චිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත පුද්ගලයා ගෝනාපීනුවල සුරම්‍ය පාරේ පදිංචි 75 හැවිරිදි අයෙකි.
වදුරඹ කොකාවල පදිංචි පුද්ගලයා ද මියගොස් ඇත්තේ නිවසේ දී ම ය. ඔහුගේ පවුලේ කිසිවකු කොරෝනා ආසාදිත හෝ නිරෝධායනය සඳහා යොමුකළ පුද්ගලයන් නොවන අතර මියගිය තැනැත්තා වසර ගණනක් එක්තැන්වී සිටි පුද්ගලයකු බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.
මරණය නිවසේ දී සිදුවූ පසු කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට එවා පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර එයින් තහවරු වී ඇත්තේ මෙම පුද්ගලයා කොරෝනා ආසාදිත අයකු බවයි.
මෙම මරණ දෙකත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා තුන්වැනි රැල්ල හේතුවෙන් සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (06) රාත්‍රී වනවිට 21ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම මරණ කිසිවක් සෞඛ්‍ය අංශ විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත.
- ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් 25 වැනි දින මියගියාය
- අහංගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයකු 26 වැනි දින මියගියේය.
- ගාල්ල නගර සභා කොට්ඨාසයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයකු 27 වැනි දින මියගියේය.
- බද්දේගම පදිංචි 69 හැවිරිදි කාන්තාවක් 28 වැනි දින මියගියාය
- හික්කඩුව පදංචි කාන්තාවක් ද 28 වැනි දින මියගිය අතර ඇය මියයන විට 90 හැවිරිදි වියේ පසුවූවාය
- ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 90 හැවිරිදි කාන්තාවක් 29 වැනි දින මියගියාය
- බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛදය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයකු 29 වැනි දින මියගියේය.
- අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයකු 29 වැනි දින මියගියේය.
- අම්බලන්ඩගොඩ, වතුගෙදර පදිංචි පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදනය වී මියගොස් ඇත
- ඔලගන්දූව ඉඳුරුව පදිංචි වයස අවුරුදු 80ක් වූ කාන්තාවක් බලපිටිය මූලික රෝහලේ දී කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇත.
- යක්කලමුල්ල පොල්පාගොඩ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ දී මියගොස් ඇත.
- 53 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත.
- 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි මියගොස් ඇති අතර කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත
- වක්වැල්ල දූව වත්තේ සිටිය දී කොරෝනා ආසාදනය වී රෝහල්ගත කෙරුණු කාන්තාවක් මියගොස් ඇත
- හික්කඩුව නාරිගම පදිංචි 70 හැවිරිදි කාන්තාවක් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු මියගොස් ඇත.
- ගාල්ල තලාපිටියේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගියේය
- 84 හැවිරිදි කාන්තාවක් පදිංචි තොටගොඩ අක්මීමණ. නිවසේ දී මියගොස් ඇත.
- ගාල්ල මඩපාතල පදිංචි වයස අවුරුදු 70ක කාන්තාවක් එම නිවසේ දීම මියගොස් ඇත
- අම්බලන්ගොඩ පෝරඹ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොරෝනා ආසාදිත බව දැන නිවසේ සිටිය දී 06 වැනි දා සවස මියගියේය.
- ගෝනාපීනුවල සුරම්‍ය පාරේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී ආරච්චිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේය.
- වදුරඹ කොකාවල පදිංචි 70 හැවිරදි පිරිමි පුද්ගලයකු නිවසේ දී ම මියගොස් ඇත.