මුඛ ආවරණ හෝ නොමැතිව පොලිස් දෙපාර්තමේන්තුවේ ටී ෂර්ට් ඇඳ සිටි පුද්ගලයන් පිරිසක් තමන්ට මහ මඟ දී පහරදුන් බවට රියදුරෙක් චෝදනා කරයි.
මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ (05) සවස 6.00ට පමණ යක්කල මං සන්ධිය ආසන්නයේ දී කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ දී ය.
තම රථයට පිටුපසින් වේගයෙන් පැමිණෙමින් මාර්ගයේ ඉඩ ඉල්ලා සිටි පුද්ගලික බසයකට ඉඩ නොමැති නිසා ඉඩ නොදුන් බවත් ඉන් පසු පාරේ ඉඩ ඇති තැනක දී ඉඩ දුන් වහාම බසය තම රථය හරස්කර නවතා ඉන් බැස ආ පිරිසක් තමන්ට පහරදුන් බවත් ඔහු චෝදනා කරයි.
ඔහු පවසන්නේ මෙලෙස පහරදුන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ ටී ෂර්ට් ඇඳ සිටි පිරිසක් බවයි. මෙම බසය පොලිස් නිලධාරීන් ප්‍රවාහනය කරන බසයකි. මෙහි පැමිණි පිරිස තමන්ට පහර දී රථයේ යතුර ද කාණුවකට විසිකර දැමූ බව ඔහු පවසයි. එම සිදුවීම කැමරාවල සටහන්ව තිබේ.
පාට් එක දැම්මේ ප්‍රයිවෙට් බස් එකක් කියලා .කරුමෙට “පොලිස්” . හොඳම දේ ෂේප් වෙන එක. සාධාරණයක් ඉටු නොවන නිසා . පොලිසිය කැමති නැහැ සාමාන්‍ය ජනතාව ඉදිරියේ වැරැද්දක් පිලිගන්න . මේ ශ්‍රී ලංකා පොලිසියයි. මහත්වරු අඩුයි අයියලා වැඩියි.
අයියෝ..අහිංසකයන්ට පෙනේ පුප්පන,ලොකු ලොකු උන්ට නගුට වනන ශ්‍රී ලංකා පොලෝසිය…