-0.8 C
New York

ගාල්ලේ කොරෝනා මරණ ගණන තවත් ඉහළට

Published:

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව අද (06) වනවිට 18ක් දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂත්වය වන්නේ කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු ගාල්ලේ රෝහල්වල දී සහ හෝමාගම ‍රෝහ‍ලේදී කොරෝනා තහවුරුවීමෙන් පසු මියගිය හා මියයාමෙන් පසු කොරොනා බව තහවුරු කරගත් මේ මරණ පිළිබඳ මෙතෙක් රජයෙන් නිල වශයෙන් නිවේදනය කර නොතිබීමයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ මරණ නිල වශයෙන් නිවේදනය නොකිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති අවදානම ජනතාව තේරුම් නොගැනීමයි.

මරණ සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළ ගියේ ගාල්ල නගර සභා සීමාවේ තලාපිටියේ පදිංචි 74 හැවිරිදි පුද්ලයෙක්, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් හා ගාල්ල නගර සභා සීමාවේ මඩපතාල පදිංචි 70 හැවිරිදි කාන්තාවක් මියයාමත් සමගිනි.

ගාල්ල දිස්ත්‍රික්කයේ තුන්වැනි රැල්ලේ සිදුව ඇති මරණ සංඛ්‍යාව පහතින් දක්වා ඇත.

  1. ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 75 හැවිරිදි කාන්තවක් 25 වැනි දින මියගියාය
  2. අහංගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයකු 26 වැනි දින මියගියේය.
  3. ගාල්ල නගර සභා කොට්ඨාසයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයකු 27 වැනි දින මියගියේය.
  4. බද්දේගම පදිංචි 69 හැවිරිදි කාන්තාවක් 28 වැනි දින මියගියාය
  5. හික්කඩුව පදංචි කාන්තාවක් ද 28 වැනි දින මියගිය අතර ඇය මියයන විට 90 හැවිරිදි වියේ පසුවූවාය
  6. ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 90 හැවිරිදි කාන්තාවක් 29 වැනි දින මියගියාය
  7. බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛදය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයකු 29 වැනි දින මියගියේය.
  8. අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයකු 29 වැනි දින මියගියේය.
  9. අම්බලන්ඩගොඩ, වතුගෙදර පදිංචි පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදනය වී මියගොස් ඇත
  10. ඔලගන්දූව ඉඳුරුව පදිංචි වයස අවුරුදු 80ක් වූ කාන්තාවක් බලපිටිය මූලික රෝහලේ දී කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇත.
  11. යක්කලමුල්ල පොල්පාගොඩ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ දී මියගොස් ඇත.
  12. රත්ගම දී සිය නිවසට නුදුරින් පිහිටි ළඳක වැටී මැයි 01 දා  මියගිය 53 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත.
  13. ගාල්ල බද්දේගම ගෝනපුර ප්‍රදේශයේ නිවසක 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි මියගොස් ඇති අතර කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත
  14. වක්වැල්ල දූව වත්තේ සිටිය දී කොරෝනා ආසාදනය වී රෝහල්ගත කෙරුණු කාන්තාවක් මියගොස් ඇත.
  1. හික්කඩුව නාරිගම පදිංචි 70 හැවිරිදි කාන්තාවක් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු මියගොස් ඇත.
  2. ගාල්ල තලාපිටියේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගියේය
  3. 84 හැවිරිදි කාන්තාවක් පදිංචි තොටගොඩ අක්මීමණ. නිවසේ දී මියගොස් ඇත.
  4. ගාල්ල මඩපාතල පදිංචි වයස අවුරුදු 70ක කාන්තාවක් එම නිවසේ දීම මියගොස් ඇත

Related articles

Recent articles

spot_img